රට තුළ භයානක තත්ත්වයක් නිර්මාණය වෙනවා. වහාම සාමකාමී අරගලයේ නිරත වූවන්ගේ ජීවිත ආරක්ෂා කරන්න – විපක්ෂ නායක සජිත්

Date:

රට තුළ බොහොම භයානක තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබෙන බවත් ඊයේ දින පියත් නිකේෂල මහතාට කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න විසින් සංවිධානාත්මක කණ්ඩායමක් සමග එක්ව මැර ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් මේ වන විට මැර ප්‍රහාරයට ලක් වූ සහ මැර ප්‍රහාරය එල්ල කළ දෙපළම අත්අඩංගුවට ගෙන් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමාජ මාධ්‍ය තුළ අරගලයේ නිරතවූවන්ගේ නම් ලයිස්තුවක් බෙදා හැරෙන බවත් ඔවුන්ට පරිස්සමින් සිටින ලෙස විවිධ ප්‍රචාර යන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ජන අරගලයට සම්බන්ධ සියලු දෙනා මැර ප්‍රහාරවලට හා ජීවිත තර්ජනවලට ලක් වී ඇති බවත් ය.

එසේ ම වත්මන් ජනාධිපතිවරයා පවා අරගලයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස බලයට පැමිණි අයකු බැවින් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ඊයේ සිදුවූ මේ ප්‍රහාරය අරගලයේ නිරත පිරිසට එල්ල කරන ප්‍රහාර මාලාවේ එක් පියවරක් බවත් ය. එබැවින් සාමකාමී අරගලයක නිරත පිරිසගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් රජය මැදිහත් විය යුතු බව විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ පැවැති විවාදයකට එක් වෙමිනි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...