ඉන්දියාව රුසියාවේ තෙල් ආනයනය දස ගුණයකින් ඉහළ නංවයි

Date:

ආසියාවේ තුන්වන විශාලතම ආර්ථිකය හිමි ඉන්දියාව පසුගිය වසර තුළ රුසියාවේ ආනයනය කරන ලද බොර තෙල් දස ගුණයකින් ඉහල නංවා ඇති බව ඉන්දියාවේ බෑන්ක් ඔෆ් බරෝඩා බැංකුව සඳහන් කර තිබේ.

2021 දී ඉන්දියාව විසින් වාර්ෂික රුසියානු බොරතෙල් ආනයනයෙන් 2% ක් පමණ ආනයනය කළ අතර එම අගය මේවන විට 20% කට ආසන්න බව බැරෝඩා බැංකුව පවසයි.

එක්සත් ජනපදයේ සහ යුරෝපයේ බලපෑම් නොතකා, රුසියානු ආනයනයන් සඳහා බටහිර සම්බාධක පිළිපැදීම ඉන්දියාව ප්‍රතික්ෂේප කර ඇත. ඉන්දියාව බලශක්ති ආනයනය මත යැපෙන සහ මිලියන ගණනක් දරිද්‍රතාවයේ සිටින රටක් ලෙස, වැඩි මිලක් ගෙවීමට තමන්ට හැකියාවක් නොමැති බව පවසමින් ඉන්දියාව තෙල් ආනයනය වෙනුවෙන් රුසියාව වෙත නැඹුරු විය.

ඒ අනුව සහනදායී වට්ටම් යටතේ රුසියානු තෙල් මිලදී ගැනීමට ඉන්දීයාව හා චීනය යොමු වූ අතර විශ්ලේෂකයන් පවසන්නේ රුසියාව ආසියාවේ විශාලතම බලශක්ති ආනයනකරුවන්ට ලාභ තෙල් ලබා දීම දිගටම කරගෙන යනු ඇති බවයි.

සටහන -සශිකලා මධුෂාණී

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආසියානු ගෘහස්ථ සටනට සූදානම් වන ලාංකේය මලල ක්‍රීඩා තරු

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පෙබරවාරි 6 වන දා...

ටිකලෝ සහ බෆලෝ ….

නීතිය ටිකක් දෙන්න කෙනෙකුට කියන නම මොකක්ද ? ටිකලෝ....

රාත්‍රිය උදාවනතුරු ….

රාත්‍රිය උදාවනතුරුමේ දූපතේ, දූපත් වාසීන්තද නින්දේය ! නිහහඬ බව බිඳනිසොල්මන්...

ඇතැම් ඇමතිවරුන් විසින් ආගමික නායකයින්ට පරිභව කරමින් සිදුකරන ප්‍රකාශ හෙළාදකිනවා – කාදිනල් හිමි

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් රජයේ ඇතැම් ඇමතිවරුන් විසින් ආගමික...