*
Tuesday, October 1, 2024
spot_img

Latest Posts


ලොව පුරා ඖෂධ වලට තත්ව සහතික දෙන, තත්ව සහතිකයක් නැති ජාතික ඖෂධ තත්වපාළණ රසායනාගාරය – රවි කුමුදේශ්

තත්වයෙන් බාල ඖෂධ ගෙන්වීම නිසා මිනිස්සුන්ට ඇතිවෙලා තිබෙන පීඩාවට සහ රට වෙලා තිබෙන පාඩුවට ඖෂධ නියාමන අධිකාරියත්, බාල ඖෂධ වලට තත්ව සහතික දුන්න්න පාර්ශවත් සෘජු ලෙසම වගකිව යුතුයි.

වසර තිහකට කලින් හැදුව ‘ජාතික ඖෂධ තත්වපාළණ රසායනාගාර’ වැහෙන්න හැරලා තමයි, බාල ඖෂධ ගේන වැඩේ කරගෙන යන්නේ

ඉස්සර ඖෂධයක් භාවිතයෙන් ඉවත් කරන්න කියලා නිවේදනයක් ආවේ ඉතාමත් කලාතුරකින්. දැන් දිනපතා එනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඖෂධ නියාමන අධිකාරිය ඖෂධයක් භාවිතයෙන් ඉවත් කරන්න කියලා නිවේදනය කරනකොටත් රෝගියෙක් දෙන්නෙක් මිය ගිහිල්ලා ඉවරයි. නැත්නම් දහයක් පහලොවකගේ ඇස් අන්ධ වෙලා.

නමුත් මේ එක ඖෂධයක්වත් හොර ඖෂධ නෙවේ. හොරෙන් හෝ බලෙන් ගෙනල්ලා භාවිත කරපුවා නෙවේ. ඖෂධ නියාමන අධිකාරියේ අවසරය, අනුමැතිය සහ තත්ව සහතිකය සහිතව රටට ගෙන්නපුව.

ඖෂධ නියාමන අධිකාරියේ තත්ව සහිතිකයක් තියන ඖෂධයකින් බරපතල සංකූලතා ඇති වෙනවානම්, ඒ තත්ව සහතකයේ හෝ ඒක ලබා දෙන ක්‍රමයේ බරපතල වරදක් තියනවා.

ඖෂධ නියාමන අධිකාරියට අවශ්‍යනම් ඉතා තාක්ෂණිකව එම කාර්‍ය කල හැකියි. ඖෂධ තත්ව පාළණය  සඳහා පිහිටුවා ඇති ‘ජාතික ඖෂධ තත්වපාළණ රසායනාගාරය’ වසර තිහකට කලින් හැදුවේ මෙවන් ගැටළු ඇති නොවීම සඳහා. අද එකේ උපකරණ වලින් 50% අවුට් ඔෆ් ඕඩර්. හැටක් හැත්තෑවක් හිටපු වෘත්තිකයින් සහ පර්යේෂකයින් විස්සට බැහැලා. නියාමන අධිකාරියේ ප්‍රධානියෙක් අහනවළු, මේක වැහුවොත් යන්න තැනක් තියනවාද කියලා. බාල ඖෂධ වලින් මිනිස්සු මිය යද්දී, රටම හෙම්බත් වෙලා තියෙද්දී, ලොකු පුටුවල හොරා කන අයට ඕනේ වෙලා තියෙන්නේ තත්ව පාළණ රසායනාගාර වහලා දාලා, යාළු මාළු කණ්ඩායමකින් සහතික අරං, තත්වයෙන් බාල ඖෂධ ගෙන්වීමේ ජාවාරමට සහයෝගය දෙන්න.

වසර තිහක් පරණ, ලොව පුරා නිපදවෙන ඖෂධ වලට තත්ව සහතික දෙන, ජාතික ඖෂධ තත්වපාළණ රාසයනාගාරයට තවම තත්ව සහතිකයක් නෑ. එහෙම එකක් අයදුම් කරන්න වුවමණාවකුත් නෑ.

ඒ නිසා තත්වයෙන් බාල ඖෂධ ගෙන්වීම නිසා මිනිස්සුන්ට ඇතිවෙලා තිබෙන පීඩාවට සහ රට වෙලා තිබෙන පාඩුවට ඖෂධ නියාමන අධිකාරියත්, බාල ඖෂධ වලට තත්ව සහතික දුන්න්න පාර්ශවත් සෘජු ලෙසම වගකිව යුතුයි.

රවී කුමුදේශ්
සභාපති
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan