ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ගැන පුරෝකතනයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද පුරෝකථනයක් සිදුකළ අතර , ඔවුන් පැවසුවේ 2023 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකය 3%කින් පමණ සංකෝචනය විය හැකි  වනු ඇති බවයි .

නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා-පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් පැවසූවේ ,  2024 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 1.5කින් පමණ වර්ධනය විය හැකි බවයි . ඔහු මේ බව පැවසුවේ IMF නියෝජිතයින් එක්ව අද කොළඹදී පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදීය.

ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා  තවදුරටත් පැවසුවේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලිය සැප්තැම්බර් මාසය වනවිට සම්පූර්ණ කළ හැකි බවයි . ශ්‍රී ලංකාවට ලබාදුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ පළමු සමාලෝචනයද සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවේ බොක්සිංවල මේ මොහොතේ වටිනාම දේ මිහිරාන් රැක ගැනීමය.

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා සහ...

දෙස් විදෙස් සංචාරක ආකර්ෂණ සහිත රාත්‍රී වෙළඳ පොලක් මහනුවර දී!

කොළඹ LNW:සංචාරක ආරක්ෂණය සහිත රාත්‍රී වෙළඳ පොලක් මහනුවර නගරය...

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් රතු එළි!

රෂිකා හෙන්නායක අගෝස්තු 13 කොළඹ LNW : අද දිනය...

දුරගමන් සේවා බස් රථ සහ පෞද්ගලික බස්රථ සඳහා AI කැමරා පද්ධති!

රෂිකා හෙන්නායක අගෝස්තු 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ගමනාගමන...