නුවරඑළිය රෝහලේ ප්‍රශ්නගත ඖෂධය ගැන ජනපති වහාම වාර්තාවක් කැඳවයි

Date:

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි සැත්කම් කර බෙහෙතක් යෙදීමෙන් පසු දහ දෙනකුගේ ඇස් පෙනීම දුර්වල වීමේ සිද්ධිය සම්බන්ධයෙන්  සොයා බලා කඩිනම් වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දී තිබේ.

අදාළ අක්ෂි සැත්කම කිරීමෙන් පසු රෝගීන්ගේ ඇස් වලට යෙදූ ඖෂධ සම්බන්ධයෙන් මෙන්ම ඉන් පසුව ඇති වූ සංකූලතා පිළිබඳවත් අදාල රෝගීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ගෙන තිබෙන පියවර ගැනත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් තොරතුරු විමසා ඇත.

මෙවැනි බරපතළ ක්‍රියා නැවත සිදු නොවීමට සෞඛ්‍ය අමාත්‍යංශය ගන්නා පියවර ගැන වහාම දැනුම් දෙන ලෙස ද ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යංශයට පවසා ඇති බවයි වාර්තා වූයේ.

නුවරඑළිය මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න මහතා මාධ්‍යයට සඳහන් කර තිබුණේ ඉන්දියාවෙන් ගෙන්වූ බෙහෙතක විෂබීජ තිබීමෙන් රෝගීන්ට අදාල සංකූලතා ඇති ව තිබූ බව මූලික පරීක්ෂණ වලින් හෙලිව තිබූ බවයි.

ඉකුත් අප්‍රේල් පස් වැනිදාට පසු ව සිදු කළ අක්ෂි ශල්‍යකර්ම වලින් පසු ඇස් වලට දැමීම සඳහා ලබාදුන් බෙහෙත විෂ වීමෙන් ඔවුන්ගේ ඇස් පෙනීම මුළුමනින්ම නැතිව ගොස් තිබූ බවද නුවරඑළිය රෝහල් අධ්‍යක්ෂවරයා මාධ්‍යයට සඳහන් කර තිබිණි.

අදාල සායනයෙන් පසු නිවෙස් කරා ගිය රෝගීන් නැවත දින කිහිපයකට පසු ඇස් පෙනීම මුළුමනින්ම නැති වූ බව පවසමින් රෝහල්ගත කෙරුණු අතර ඉන් පසුව කළ ප්‍රතිකාර වලින් පසු ඔවුන්ගේ තත්ත්වය ක්‍රමයෙන් සුව අතට හැරෙමින් පවතින බවද නුවරඑළිය රෝහලේ අධ්‍යක්ෂවරයා මාධ්‍යයට කළ ප්‍රකාශයේ සඳහන්ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැලවත්තෙන් බලය ඉවත්කර යළි පාර්ලිමේන්තුවට බලය ලබාගත යුතුයි – අර්බුදයෙන් ගොඩ එන හැටි රනිල් පියවරෙන් පියවර කියයි

පාර්ලිමේන්තුව නොතකා ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත මූලස්ථානය විසින් රාජ්‍ය...

දකුණු කොරියානු ජනාධිපති උතුරු කොරියානු ජනාධිපතිවරයාගෙන් සමාව අයදින ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 05: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

“කුබෝටාකරණයේ” මීළඟ අදියර : හේලීස් ඇග්‍රිකල්චර් වෙතින් මෙරට ගොවිබිම් සඳහා අලුත්ම යන්ත්‍ර තුනක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සැපයුම්කරු වන හේලීස් ඇග්‍රිකල්චර්...

කොස්ගම පාසලක් අසල වෙඩිතැබීමක්. පුද්ගලයකු තුවාල ලබා රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල කොස්ගම, බොරළුගොඩ කනිෂ්ඨ විද්‍යාලය අසලදී ඊයේ...