නුවරඑළිය රෝහලේ ප්‍රශ්නගත ඖෂධය ගැන ජනපති වහාම වාර්තාවක් කැඳවයි

Date:

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි සැත්කම් කර බෙහෙතක් යෙදීමෙන් පසු දහ දෙනකුගේ ඇස් පෙනීම දුර්වල වීමේ සිද්ධිය සම්බන්ධයෙන්  සොයා බලා කඩිනම් වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දී තිබේ.

අදාළ අක්ෂි සැත්කම කිරීමෙන් පසු රෝගීන්ගේ ඇස් වලට යෙදූ ඖෂධ සම්බන්ධයෙන් මෙන්ම ඉන් පසුව ඇති වූ සංකූලතා පිළිබඳවත් අදාල රෝගීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ගෙන තිබෙන පියවර ගැනත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් තොරතුරු විමසා ඇත.

මෙවැනි බරපතළ ක්‍රියා නැවත සිදු නොවීමට සෞඛ්‍ය අමාත්‍යංශය ගන්නා පියවර ගැන වහාම දැනුම් දෙන ලෙස ද ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යංශයට පවසා ඇති බවයි වාර්තා වූයේ.

නුවරඑළිය මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න මහතා මාධ්‍යයට සඳහන් කර තිබුණේ ඉන්දියාවෙන් ගෙන්වූ බෙහෙතක විෂබීජ තිබීමෙන් රෝගීන්ට අදාල සංකූලතා ඇති ව තිබූ බව මූලික පරීක්ෂණ වලින් හෙලිව තිබූ බවයි.

ඉකුත් අප්‍රේල් පස් වැනිදාට පසු ව සිදු කළ අක්ෂි ශල්‍යකර්ම වලින් පසු ඇස් වලට දැමීම සඳහා ලබාදුන් බෙහෙත විෂ වීමෙන් ඔවුන්ගේ ඇස් පෙනීම මුළුමනින්ම නැතිව ගොස් තිබූ බවද නුවරඑළිය රෝහල් අධ්‍යක්ෂවරයා මාධ්‍යයට සඳහන් කර තිබිණි.

අදාල සායනයෙන් පසු නිවෙස් කරා ගිය රෝගීන් නැවත දින කිහිපයකට පසු ඇස් පෙනීම මුළුමනින්ම නැති වූ බව පවසමින් රෝහල්ගත කෙරුණු අතර ඉන් පසුව කළ ප්‍රතිකාර වලින් පසු ඔවුන්ගේ තත්ත්වය ක්‍රමයෙන් සුව අතට හැරෙමින් පවතින බවද නුවරඑළිය රෝහලේ අධ්‍යක්ෂවරයා මාධ්‍යයට කළ ප්‍රකාශයේ සඳහන්ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...