BREAKING: ස්වර්ණවාහිනී අයත් EAP හිමිකාරීත්වය දරන Lyca productions සමාගමට මුදල් විශුද්ධිකරණ චෝදනා!

Date:

පොන්නියින් සෙල්වන් චිත්‍රපටයේ නිෂ්පාදකයින් වන LYCA නිෂ්පාදන සමාගම් චෙන්නායි කාර්යාලයේ පරිශ්‍රයේ වැටලීමක් සිදු කළ බවට වාර්තා වෙයි.

මෙම වැටලීම සිදුකර තිබෙන්නේ ඉන්දියාවේ Enforcement Directorate (ED) ආයතනය විසිනි.

T Nagar, Adyar සහ Karapakkam ඇතුළු ස්ථාන අටක මේ පිළිබඳ සෝදිසි කිරීම් මේ වනවිට සිදු කෙරේ.

ලැබුණු තොරතුරු වලට අනුව අදාල අධ්‍යක්ෂක මණ්ඩලය වැටලීම සිදු කර ඇත්තේ LYCA ජංගම දුරකථන ඇතුළු සන්නාම කිහිපයකට හිමිකම් කියන LYCA සමාගමට එරෙහිව මුදල් විශුද්ධිකරණ චෝදනාවක් සහ බදු පැහැර හැරීමේ චෝදනාවක් සම්බන්ධව බව පැවසේ.

Enforcement Directorate (ED) යනු ආර්ථික නීති බලාත්මක කිරීම සහ ආර්ථික අපරාධවලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සඳහා වගකියන ඉන්දීය රජය සතු නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනයකි.

Lyca Production යනු ශ්‍රී ලංකාවේ Lanka Hospitals සහ Sri Lanka Telecom මිලදී ගැනීමට සැලසුම් කර ඇති සමාගම වන අතර, එය ස්වර්ණවාහිනී හිමි EAP සමූහයේ වර්තමාන හිමිකාරීත්වය දරන අනුබද්ධිත ආයතනයකි.

සටහන – නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්අඩංගුවට ගත් කොළඹ දිසාව භාර DIG රක්ෂිත බන්ධනාගාරයට

සටහන - රුවන් නෙළුගොල්ල නිධන් හෑරීමට ආධාර අනුබල දීමේ චෝදනාවක්...

Celebrity Buzz: කින්ග් ඛාන් පවුලට මෙන්ම බොලිවුඩයට නව සන්ධිස්ථානයක් එක් කළ ආර්යන් ඛාන් ගේ “The Ba**ds of Bollywood”!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

මේ වසරේ ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙය වන්න – ජනපති

නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට 2025 වසරේ වෙන්...

ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාව මතීෂ විජේසේකරට සහ නෙත්මි වික්‍රමසිංහට

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය විසින්...