ආණ්ඩුකාරවරුන් පත්කිරීම අද. චාල්ස් සහ ලක්ෂ්මන්ටත් තනතුරු ?

0
1006

පළාත් ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු පසුගියදා එම තනතුරුවලින් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගත් අතර අද (17) දිනයේදී එම පුරප්පාඩු සඳහා නව පත්කිරීම් සිදුකිරීමට නියමිතව තිබේ.

මෙසේ පිරවීමට ඇත්තේ උතුරු, නැගෙනහිර සහ වයඹ ආණ්ඩුකාර ධුරයන් ය.

නැගෙනහිර ආණ්ඩුකාර තනතුර සඳහා සෙන්දිල් තොණ්ඩමාන් මහතා පත්කෙරෙනු ඇති බව ඊයේ දිනය වනවිට වාර්තා වී තිබිණි.

උතුරු පළාත් ආණ්ඩුකාර තනතුර සඳහා පී. එස්. එම්. චාල්ස් මහත්මියත් වයඹ පළාත් ආණ්ඩුකාර තනතුර සඳහා ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාත් පත්කිරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

RN