හෙට දවසේ සැලෝලයිඩ් ප්‍රකාශකයන් අතරින් වැඩිම ගෞරවය මාරිස්ටෙල්ලාවට

Date:

පාසල් ළමුන්ට සැලෝලයිඩ් පටිවල ජීවිතය චිත්‍රණය කරන්න කියා දෙන්න කවුරුත් නැහැ.ඒත් ඒ දරුවන්ට එහෙම ගායක් තියෙනවනම් ඒ අතපාත ගාන දේවල රස ගුණ කියන්න අගයන්නවත් වැඩ පිළිවෙලක් තියෙනවනම් හොඳයි.එතකොට අහම්බයක් විදිහට සිනමාවට එකතු වෙන පිරිස වෙනුවට වැඩ කිරීමෙන් ලද පන්නරය සහ උනන්දුව සමඟ වැඩ කරන පිරිසක් අපට ඉතුරු වෙයි.එවැනි සොඳුරු සහ නිර්මාණශීලී බුද්ධිමත් රූප අමුණන්නන් සොයා ගිය ගමණක් අවසාන වුණේ මීගමුව තිඹිරිගස්කටුව මාරිස්ටෙල්ලා විද්‍යාලයට වැඩි ගෞරවයක් අත් කර දෙමින්.

සිනමානුරූපි විදිහකට නැත්නම් ක්‍රමයකට වැඩ කරන්න ජීවිත යොමු කරන්න වගේම ඒවා වෘත්තියමය මට්ටමෙන් අත් විඳින්නත් අනාගත වැඩ පිළිවෙලක් සහිතව ක්‍රියාත්මක වූ පාසල් කෙටි චිත්‍රපට උළෙලේ සම්මානනීය ඇගයීම තරංගනී ශාලාවේදී පැවත්වුණා.චන්ද්‍රන් රත්නම් නම් සුවිශේෂී සිනමාකරුවාගේ මාර්ගෝපදේශනය යටතේ චන්ද්‍රන් රත්නම් අන්තර් පාඨශාලීය කෙටි චිත්‍රපට තරගාවලිය ලෙස ක්‍රියාත්මක වූ මෙම සිනමා උළෙල වෙනුවෙන් පාසල් 60 ක් පමණ සහභාගි වූ අතර ඒ සඳහා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 600 ක් පමණ සහභාගීත්වය දක්වා තිබුණා.එම නිර්මාණ සියල්ල සැළකීමෙන් පසුව දක්ෂතා ඇගයීමට තරංගනී ශාලාවට පිරිස කැඳවන තෙක් චන්ද්‍රන් රත්නම් සමඟ මෙම සත්කාර්යය පෝෂණය කරන්න පියුචර් ලංකා රිසර්ච් ඇන් ෆවුන්ඩේෂන් එක්ව සිටියා.ආදරණිය අනුග්‍රාහක සවිබල ගැන්වීම සිඳු වී තිබුණේ ට්‍රයිකෝ මෙරිටයිම් පුද්ගලික සමාගම හරහායි.

ඩිජිටල් සංස්කෘතිය ඇතුළෙ නිර්මාණශීලීව එහි සැරි සරන්න දන්න පිරිසකට සිනමාව සහ ජීවිතය අමුණන්න හදපු තැනක් වූ මෙම කෙටි චිත්‍රපට උළෙලේ දී බොහෝ ගැටවරයන් සහ ගැටවරියන් මේ ගෙවෙන තත්පරයේ අර්බූදයන් අලුත් මානයකින් හඳුනා ගන්නට උත්සාහ කර තිබුණා.ඒවා රූපමය වශයෙන් ඉදිරිපත් කරන්නට යාමේදී ආධුනිකත්වය අභිබවා යාමට හැකි තාක්ෂණික ඥාණයක් සහිතව සිනමාත්මක ප්‍රකාශනයේ අලුත් පියවරක් තැබිය හැකි පරපුරක විශ්වාසය ඒ හරහා ප්‍රකට කරන්න ගත් උත්සාහයන් ද අගය කළ යුතු මට්ටමක තිබුණා.
වඩාත් වැදගත් වන්නේ එම හැකියාවන් යූ ටියුබ් අවකාශයට මුදා හැර ප්‍රේක්ෂකාගාරයක් ඔවුන් වෙනුවෙන් තැනීමට ගත් උත්සාහයයි.සිනමාකරණයේ පළමු පියවරේදී ලක්ෂ ගණනක ප්‍රේක්ෂකාගාරයක් හොයා දෙන්නට ගත් එම උත්සාහයත් අගය කළ යුතුයි.ඒවා මෙම මහඟු සත් කාර්යය කිරීමේ දායකත්වය ප්‍රකට කරන අනුග්‍රාහක ප්‍රකාශනයන්ට පමණක් සීමා කර තිබිම වැදගත් වන්නේ බොහෝ විට පාසල් ළමුන් සහභාගි වන වැඩ සටහන්වලදී ඒ අතරමැද සමාජයට අහිතකර යැයි හැඟෙන බොහෝ දේ ප්‍රකාශ වන දැන්වීම් නාමාවලි අස්සේ එම වැඩ සටහන් ප්‍රචාරය වන නිසයි.

හොඳ ප්‍රවේශයක් දරුවන්ට සිනමාව වෙනුවෙන් ලබා දුන් එම සිනමා උළෙලේ වැඩිම ගෞරවය දිනා ගත් තිඹිරිගස්කටුව මාරිස්ටෙල්ලා විද්‍යාලය වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනා ගන්නට සමත් වුණා.ඒ ඔවුන් ඉදිරිපත් කරන ලද ඉම්ප්ර්ෆෙක්ට් සිනමා කෘතිය වෙනුවෙන්.

හොඳම සිනමානුරූපී කැමරාකරණය සඳහා ෂෙහාන් ලේකම්ගේ සම්මානයට පාත්‍ර වුණා.හොදම සංස්කරණය සඳහා ඇගයීම් ලැබුවේ ශෙමාල් ක්‍රිෂාන්තයි.හොඳම රංගනය (පිරිමි) සදහා සම්මානයට පාත්‍ර වුණේ උෂිත් බණ්ඩාරයි.හොඳම පිටපත සඳහා සම්මානය හිමි වුණේ දිනෙත් සඳගෝමිට වන අතර හොඳම අධ්‍යක්ෂණය සඳහා ඇගයීම ලැබුවේ ඉසුරු දෙව් තිළිණ යි.මෙම සම්මාන සියල්ලම ඉම්පරෆෙක්ට් සිනමාපටයට හිමි වුණා.
උළෙලේ දෙවන ස්ථානය දිනා ගත් සිනමා නිර්මාණය වූයේ කොළම ශාන්ත පීතර විද්‍යාලය ඉදිරිපත් කළ ද ලෝ කෙටි චිත්‍රපටය යි.තෙවන ස්ථානය කුරුණෑගල මලියදේව විද්‍යාලය ඉදිරිපත් කළ තිති කෙටි චිත්‍රපටයට හිමි වුණා.සම්මානනීය හොඳම රංගන ශිල්පිණිය බිහි කරන්නට සමත් වුණේ ගම්පහ රතු කුරුස බාලිකා විද්‍යාලය වන අතර එම ගෞරවය දිනා ගත්තේ සොනාලි මධුරප්පෙරුමයි.

උළෙලේ ජනප්‍රියම සිනමා නිර්මාණය ලෙස ඇගයීමට පාත්‍ර වූයේ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය ඉදිරිපත් කළ මෙඩිසින් කෙටි චිත්‍රපටයයි.එසේම කැමරාකරණය වෙනුවෙන් කුසලතා සම්මානයක් දිනා ගන්නට ද ෆස්ට් ලෙටර් සිනමා කෘතිය ඉදිරිපත් කළ ආණමඩුව ඉඟිණිමිටිය මහා විද්‍යාලයට සමත් වුණා.සංස්කරණය වෙනුවෙන් කුසලතා සම්මානය හිමි වුණේ ද ලෝ කෙටි චිත්‍රපටය වෙනුවෙන් කොළඹ ශාන්ත පීතර විද්‍යාලයටයි.ශබ්ද පරිපාලනය සඳහා කුසලතා සම්මානය කොළම ඩීඑස් සේනානායක විද්‍යාලය ඉදිරිපත් කළ වීමා කෙටි චිත්‍රපටය දිනා ගනිද්දි අධ්‍යක්ෂණය වෙනුවෙන් කුසලතා සම්මානයක් ඩස්ට් ඉන් ලැවීනීයා ඉදිරිපත් කරන ලද ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට හිමි වුණා.තිර රචනය සඳහා කුසලතා සම්මානය දිනා ගැනීමට සමත් වූයේ කිරිදිවැල මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපත් කරන ලද ද සික්ස් ෂොට් කෙටි චිත්‍රපටයයි.

මෙහිදී විශේෂ සම්මානනිය ඇගයීමක් ලබන්නට කොළඹ සහිරා විද්‍යාලය සහ මීගමුව ශාන්ත පීතර විද්‍යාලවලට ද හැකියාව ලැබුණා.පහත දැක්වෙන්නේ අනාගතය වෙනුවෙන් සිනමාව ප්‍රකාශනය කර ගන්න වෙර දරන අනාගතය හිමි දරු දැරියන්ගේ සම්මාන උළෙලේ ඡායාරූප කිහිපයක්.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...