මෙරට අඩු ආදායම්ලාභී පවුල්වල දූ දරුවන්ට එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්ව

අඩු ආදායම්ලාභී ශ්‍රී ලාංකිකයන් සඳහා ශිෂ්‍යත්ව පාඨමාලා ලබාදීමට සහ උපාධි, ආචාර්ය උපාධි සඳහා කෙටි පාඨමාලා ලබාදීමට එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල (Cambridge University) ප්‍රධානීන් එකඟතාවය පළ කර තිබේ.

ඒ බ්‍රිතාන්‍යයේ සංචාරය අතරතුර කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පැවති සාකච්ඡාවකට කාන්තා හා ළමා සංවර්ධන,පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පසුගියදා සහභාගී වූ අවස්ථාවේ දී.

ඒ අනුව මෙම හමුවේදී සමාජවිද්‍යා, කාන්තා සවිබල ගැන්වීම් ආදී විෂය ක්ෂේත්‍රවලට අදාළ උපාධි සහ ආචාර්ය උපාධි සඳහා කෙටි පාඨමාලා ලබාදීමේ හැකියාව පිළිබඳව හවුල්කාරිත්වයෙන් කටයුතු කිරීමට දෙපාර්ශවය එකඟ විය. තව ද කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය LSEE (London School of Executive Education) සමඟ එක්ව අඩු ආදායම්ලාභී පසුබිමක සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා ශිෂ්‍යත්ව සමඟ පාඨමාලා ලබාදීමට ද සූදානමින් සිටියි.

DGI

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අලි ඇතුන්ට වෙඩි තැබීමේ සිද්ධීන් පිටුපස සංවිධානාත්මක ජාලයක් පවතීදැයි විමර්ශන.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : අලි ඇතුන්ට වෙඩි...

 Hyron Andrewsගේ අකල් වියෝව සහ ක්‍රීඩාවේ මානුෂීය බැඳීම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : ප්‍රංශයේදී සහෝදරත්වයේ ගෞරවාදරය...

ප්‍රංශයේ ශිෂ්‍ය අරගලය සහ එහි පසුපස ඇති සැබෑ තත්ත්වය..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : 2026 ඔක්තෝබර් මාසයේදී...

අධිකරණ තීන්දුවලට අපි යටත් වෙනවා, එතනින් එහා කවුරුවත් අපෙන් තීරණ බලාපොරොත්තු වෙන්න එපා – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබාදී තිබියදී එම තීන්දුව...