මෙරට අඩු ආදායම්ලාභී පවුල්වල දූ දරුවන්ට එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්ව

Date:

අඩු ආදායම්ලාභී ශ්‍රී ලාංකිකයන් සඳහා ශිෂ්‍යත්ව පාඨමාලා ලබාදීමට සහ උපාධි, ආචාර්ය උපාධි සඳහා කෙටි පාඨමාලා ලබාදීමට එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල (Cambridge University) ප්‍රධානීන් එකඟතාවය පළ කර තිබේ.

ඒ බ්‍රිතාන්‍යයේ සංචාරය අතරතුර කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පැවති සාකච්ඡාවකට කාන්තා හා ළමා සංවර්ධන,පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පසුගියදා සහභාගී වූ අවස්ථාවේ දී.

ඒ අනුව මෙම හමුවේදී සමාජවිද්‍යා, කාන්තා සවිබල ගැන්වීම් ආදී විෂය ක්ෂේත්‍රවලට අදාළ උපාධි සහ ආචාර්ය උපාධි සඳහා කෙටි පාඨමාලා ලබාදීමේ හැකියාව පිළිබඳව හවුල්කාරිත්වයෙන් කටයුතු කිරීමට දෙපාර්ශවය එකඟ විය. තව ද කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය LSEE (London School of Executive Education) සමඟ එක්ව අඩු ආදායම්ලාභී පසුබිමක සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා ශිෂ්‍යත්ව සමඟ පාඨමාලා ලබාදීමට ද සූදානමින් සිටියි.

DGI

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BYD – බදු අය කරන්නේ කාර් එකටද ? කාර් එකේ සොෆ්ට්වෙයා එකටද ??

BYD ATTO 3 වර්ගයේ මෝටර් රථ 1100ක් පමණ හම්බන්තොට...

කොස්ගොඩ වෙඩිතැබීමක්. තරුණයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොස්ගොඩ, දූවමෝදර ප්‍රදේශයේදී අද (ජුලි 31)...

සීසීසි ය පොලීසියට අල්ලන්න බැරි ගැහිල්ලක් ගහයි

සටහන – නිශ්මං රණසිංහ  ජූලි 31, කොළඹ LNW: ප්‍රධාන පෙළේ ක්‍රීඩා...

වැසි තත්වයේ වර්ධනයක් – අද (31) කාලගුණ නිවේදනය

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, ඌව...