ඉන්දියාවෙන් ගෙන්වූයේ බාල ට්‍රොපනින් (Tropanin 1) පරීක්‍ෂණ කට්ටල ද ?

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ඉන්දියාවෙන් ගෙන්වූ හදිසි හෘදයාබාධ හඳුනා ගැනීමේ කටයුතු සඳහා භාවිත කෙරෙන ට්‍රොපනින් (Tropanin 1) පරීක්‍ෂණ කට්ටල ද තත්ත්වයෙන් බාල බව තහවුරු වී ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍ය වරුන්ගේ වෘත්තීය සමිතියේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි .

මෙම පරීක්‍ෂණ කට්ටල මගින් සිදුකර ඇති පරීක්‍ෂණවලින් නියමිත ප්‍රතිඵල නොලැබීම හේතුවෙන් එම රසායනාගාර කට්ටල වහාම රෝහල්වලින් ඉවත්කර නැවත ඖෂධ සැපයුම් ඒකකය වෙත යැවීමට පියවර ගෙන ඇතැයි ද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා  පැවසීය.

මේ තත්ත්වය යටතේ තත්ත්වයෙන් බාල ඖෂධ දිගටම රටට පැමිණීම සැලකිල්ලට ගනිමින් වහාම ජනාධිපති විමර්ශනයක් කළ යුතුව ඇතැයි පැවසූ වෛද්‍ය චමල් සංජීව මහතා මේවාට සම්බන්ධ සියලු පුද්ගලයන්ට නිසි දඬුවම් ලබාදීමෙන් මෙරට සෞඛ්‍ය පද්ධතිය ජාත්‍යන්තරයේ හෑල්ලුවට ලක්වීම වළකා ගත හැකි බව ද අවධාරණය කළ අතර  හෘදයේ වේදනාවක් සහිතව රෝහල්ගත වන රෝගීන්ට හදිසි හෘදයාබාධ තත්ත්වයක් වැළඳී තිබේදැයි තහවුරු කර ගැනීම සඳහා මෙම ‘ට්‍රොපනින්’ පරීක්‍ෂණය ඉතා වැදත් බවත්, මෙම පරීක්‍ෂණ ප්‍රතිඵල මත රෝගියාට ලබාදෙන ඖෂධ තීරණය කරන බවත් වෛද්‍යවරයා  වැඩිදුරටත් සඳහන් කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට සිට මාර්ග 7ක නව මෙට්‍රෝ බස් රථ 104ක් ධාවනයට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:හෙට (29) සිට බස්නාහිර පළාතේ මාර්ග 7ක්...

මහ බැංකුව විසින් දියත් කරන ලද අදෘශ්‍යමාන යුද්ධය

(ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා විසින් 2026.09.28 දින Daily FT...

අධික වර්ෂාවත් සමඟ දුම්බර නකල්ස් රක්ෂිතයේ දියඇලි අලංකාර ලෙස සක්‍රීය වෙයි!

නදීක දයාබණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත්...

ඉරානය රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් අවධාරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...