ඉන්දියාවෙන් ගෙන්වූයේ බාල ට්‍රොපනින් (Tropanin 1) පරීක්‍ෂණ කට්ටල ද ?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ඉන්දියාවෙන් ගෙන්වූ හදිසි හෘදයාබාධ හඳුනා ගැනීමේ කටයුතු සඳහා භාවිත කෙරෙන ට්‍රොපනින් (Tropanin 1) පරීක්‍ෂණ කට්ටල ද තත්ත්වයෙන් බාල බව තහවුරු වී ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍ය වරුන්ගේ වෘත්තීය සමිතියේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි .

මෙම පරීක්‍ෂණ කට්ටල මගින් සිදුකර ඇති පරීක්‍ෂණවලින් නියමිත ප්‍රතිඵල නොලැබීම හේතුවෙන් එම රසායනාගාර කට්ටල වහාම රෝහල්වලින් ඉවත්කර නැවත ඖෂධ සැපයුම් ඒකකය වෙත යැවීමට පියවර ගෙන ඇතැයි ද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා  පැවසීය.

මේ තත්ත්වය යටතේ තත්ත්වයෙන් බාල ඖෂධ දිගටම රටට පැමිණීම සැලකිල්ලට ගනිමින් වහාම ජනාධිපති විමර්ශනයක් කළ යුතුව ඇතැයි පැවසූ වෛද්‍ය චමල් සංජීව මහතා මේවාට සම්බන්ධ සියලු පුද්ගලයන්ට නිසි දඬුවම් ලබාදීමෙන් මෙරට සෞඛ්‍ය පද්ධතිය ජාත්‍යන්තරයේ හෑල්ලුවට ලක්වීම වළකා ගත හැකි බව ද අවධාරණය කළ අතර  හෘදයේ වේදනාවක් සහිතව රෝහල්ගත වන රෝගීන්ට හදිසි හෘදයාබාධ තත්ත්වයක් වැළඳී තිබේදැයි තහවුරු කර ගැනීම සඳහා මෙම ‘ට්‍රොපනින්’ පරීක්‍ෂණය ඉතා වැදත් බවත්, මෙම පරීක්‍ෂණ ප්‍රතිඵල මත රෝගියාට ලබාදෙන ඖෂධ තීරණය කරන බවත් වෛද්‍යවරයා  වැඩිදුරටත් සඳහන් කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ත්‍රස්ත විරෝධී පනත සැප්තැම්බරයේදී එයි!

කොළඹ LNW:නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය...

මේ රජය කරන්නේ සංවර්ධනය නොව මර්ධනයයි – නාමල්

රෂිකා හෙන්නායක අගෝස්තු 28 , කොළඹ LNW: සියළුම රණවිරුවන්ට වෘත්තිය...

යුක්රේනයේ කියෙව් වෙත එල්ල කරන ලද රුසියානු ප්‍රහාර හේතුවෙන් බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සහ යුරෝපා සංගම් කාර්යාලවලට බරපතල හානි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 28: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(27)රාත්‍රියේදී රුසියාව විසින්...