කම්කරු නීති වෙනස් කරන්න ඇමති මනුෂ අතගසයි – යෝජනා ඉදිරිපත්කරන ලෙසත් ඉල්ලීමක් (VIDEO)

Date:

කොළඹ LNW:කම්කරු නීති වෙනස් කරන ලෙස ජාත්‍යනත්ර මූල්‍ය අරමුදලවත්, ජාත්‍යන්තර කම්කරු සංවිධානයවත්, වෙනත් කිසිදු ජාත්‍යන්තර සංවිධානයක් හෝ රාජ්‍ය නොවන සංවිධානයක් පවසා නැති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

සංශෝධනය වන කම්කරු නීති සම්බන්ධයෙන් කිසිදු ලේඛනයක් මෙතෙක් සකස් කර නැති බවත් එවැනි ලේඛනයක් සකස් කරන්නේ මහජන අදහස් ලබාගැනීමෙන් පසුව බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි.

ඒ සදහා ඉන්ෆ්ලක්ස් නමින් විවෘත වේදිකාවක් සකස් කර ඇති අතර දැනට පවතින කම්කරු නීතිවලින් කම්කරුවා ආරක්ෂා නොවන බවයි ඔහු පෙන්වාදෙන්නේ.

එහෙයින් කම්කරු නීති සංශෝධනය ගැන මාධ්‍යයට ගිහින් කරුණු කීමට පෙර එම වේදිකාවට පැමිණ කරුණු කියන ලෙසද අමාත්‍යවරයා අවධාරණය කරයි.

නව කම්කරු නීති සකස් කිරීමේදී සේවා ස්ථානය තුළ වෙනස් කොට සැලකීම, සේවා ස්ථානය තුළ ලිංගික හිංසනය,ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සමානව වැටුප් ගෙවීමට අදාළ ප්‍රතිපාදන සකස් කිරීම,ආයතනයක් ප්‍රතිසංවිධානය කිරීමේදී සේවකයින්ට වන්දි ගෙවීම,සේවකයින් අඩු කිරීම, කාන්තාවන්ට අතිකාල සේවය සහ රාත්‍රී සේවය කිරීමේදී මතුවන තත්ත්වයන්,ජාත්‍යන්තර කම්කරු නීති යටතේ පැය 24ක් තුළ සේවය කළ හැකි කාලය නිර්ණය කරගැනීම ඇතුළු කරුණු ස සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටළුකාරී තත්ත්වයන් විසඳා ගැනීම පිළිබඳව අවධානය යොමුකරන බව හෙතෙම වැඩිදුරටත් කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...