රටේ ආහාර සුරක්ෂිතතාවය සඳහා ධනාත්මක වැඩපිළිවෙලක්.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  වගා ආරක්ෂණ කටයුතු සඳහා ගිනිඅවි බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසන අතර , අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ගිනිඅවි භාවිතය වෙනුවෙන් පෙර පැවති නීති සංශෝධනය කර ඇති අතර බලපත්‍ර නිකුත් කිරීම සඳහා තිබිය යුතු වගා භූමි ප්‍රමාණයක අක්කර 5 දක්වා සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇති බවය.

රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පෙන්වා දෙන්නේ, පසුගිය කාලය පුරාවට එනම් , වසරක් තුළ විවිධ වන සතුන් හේතුවෙන් විශාල වශයෙන් බෝග විනාශයට පත්වන බැවින්  කාලීන අවශ්‍යතාවක් ලෙස සලකා එම පියවර ගෙන ඇති අතර , මෙරට කෘෂිකර්මාන්තය නඟාසිටුවීම, ගොවි ආර්ථිකය ශක්තිමත් කිරීම සහ රටේ ආහාර සුරක්ෂිතතාවය සඳහා ධනාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව ඇති බවයි.

රාජ්‍ය  අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ,
වගා ආරක්ෂණ කටයුතු සඳහා ගිනිඅවි භාවිතය සම්බන්ධ තොරතුරු පිළිබඳ වැඩිදුර තොරතුරු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් ලබාගත හැකි බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධි අවදානම් කලාපවල සිටි පවුල් 5,000කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගැනේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : ආපදාවට ලක්වූවන් වෙනුවෙන්...

Najib Razak ට තවත් වසර 15ක සිර දඬුවමක් සහ ඩොලර් බිලියන 2.8ක දඩයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (26) දින...

” මූල්‍ය ණය සහන ප්‍රදානය “ලෙසින් ව්‍යවසායකයින් දිරිමත් කිරීමේ නව වැඩපිළිවෙළක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW: නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය...

ශම්මිගේ ක්‍රිකට් ගැන අදහසක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 27, කොළඹ LNW: ආසියාවේ විස්සයි විස්ස සූරියන්...