ශානි අබේසේකර මහතා විසින් ගොනුකළ පෙත්සම කැදවයි.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන තිබෙන බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ දැනුම් දුන් අතර , තමන්ට ආරක්ෂාව ලබාදෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශානි අබේසේකර මහතා විසින් ගොනුකළ පෙත්සම අද (18) කැඳවූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල් රොහන්ත අබේසූරිය මහතා මෙම දැනුම්දීම සිදුකළ බව සඳහන් වේ.

ශානි අබේසේකර මහතා වෙනුවෙන් ප්‍රමාණවත් ආරක්ෂාවක්  ලබා දීමට පියවර ගෙන ඇතැයි සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අමතර නිලධාරීන් හා යතුරුපැදි ලබාදීමට කටයුතු කර ඇති බවත් සඳහන් කළ අතර , මෙහිදී ශානි අබේසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීය .

සිය සේවාදායකයාට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදෙන ලෙස වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය නිකුත් කළ නියෝගය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් වගත්තරකරුවන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ කරුණු ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළ අතර , ඒ අනුව සංශෝධිත පෙත්සමක් ඉදිරිපත් කිරීමට පෙත්සම්කාර පාර්ශවයට අවසර දුන් විනිසුරු මඩුල්ල අදාළ සංශෝධිත පෙත්සම ජුනි මස 28 වනදා ගොනුකරන ලෙසත් නියෝග කර ඇත. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම කැඳවනු ලැබ ඇත

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා බව අධිකරණයට දැනුම් දෙයි. ධම්මික රණතුංගට ඇප

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඛනිජ...

ඕස්ට්‍රේලියානු රජයට සහ මියගිය පුද්ගලයින්ගේ පවුල් වලට මාගේ ශෝකය – ජනපති අනුර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : එක්ස් පණිවුඩයක් නිකුත්...

වරුණගේ යූටියුබ් නාලිකාවට වසරක් පිරීම නිමිත්තෙන් පාසල් දූදරුවන්ට පොත්පත් බෙදාදීමක්. රනිල්ගෙනුත් ඇමතුමක්

වරුණ දිප්ත රාජපක්ෂගේ යුටියුබ් නාලිකාව ට වසරක් පිරිම නිමිතෙන්...