සිදුවන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් නොව ප්‍රශස්තකරණයක් – විපක්ෂ නායක සජිත්

Date:

වත්මන් රජය විසින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව මහජනතාව ඉදිරියේ සිදුකරන්නේ රැවටීමක් බවත් සැබැවින්ම සිදුවන්නේ ප්‍රශස්තකරණයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (18) විපක්ෂ නායක කර්යාලයේ පැවැති ශ්‍රී ලාංකික බැංකු පද්ධතිය නියෝජනය කරමින් පැමිණි නියෝජිත හමුවක් අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ තමන් ඇතුලු පිරිස විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම නොසගවා පාර්ලිමේන්තුව සහ රටට විවෘත කරන ලෙස රජයට පැවසූ බවත් එවැනි ගිවිසුමකට එළැඹීමට පෙර සියලු දේශපාලන පාර්ශවයන් සමඟ සාකච්ඡා කර ස්ථිර විසදුමක් ලබාගැනීම සිදුවිය යුතු බවත්ය. නමුත් සිදුවී ඇත්තේ පාලකයන් විසින් ප්‍රමාද වී IMF හමුවට ගොස් ආසාර්ථක සාකච්ඡාවකට සහ ගිවිසුමකට එළැඹ එහි කුරිරු ප්‍රතිවිපාක මහජනතාවට භූක්ති විදීමට සැලැස්වීම බවයි විපක්ෂ නායකවරයා පැවසුවේ.

අභ්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාත්මක කළහොත් ආර්ථිකය හා බැංකු පද්ධතිය අකර්මණ්‍ය වී මහජනතාව තවත් අසරණ තත්ත්වයට ඇදවැටෙන බව පැවසූ විපක්ෂ නායකවරයා මෙය කිසිසේත් රාජ්‍ය ප්‍රතිපත්තියක් නොවිය යුතු බවත් ඉදිරියටත් මේ ආකාරයකින් කටයුතු සිදුකළහොත් පාර්ලිමේන්තු බහුතරයක් නොමැති වුව ද ජනබලයක් යටතේ නැගී සිටින බවත් ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිරි වසර 05ක කාලය තුළදී මෙරට නිවාස අවශ්‍යතාව සපුරාලීමට සැලසුම්!

කොළඹ LNW:මෙරට නිවාස අවශ්‍යතාව ඉදිරි වසර 05ක කාලය තුළදී...

රටේ ක්‍රිකට් ගැන සැබෑ කියවීමක් වෙමින් කාන්තා ක්‍රිකට් සූරතාව නාවික හමුදාව දිනා ගනියි

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: පළමු පෙළ කාන්තා සීමීත පන්දුවාර...

ලක්ෂ්මන් යාපාගේ අල්ලස් නඩුවටත් නියෝගයක් ලැබෙයි!

කොළඹ LNW:හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ...