කෝටිපතිනියගේ මෙහෙකාරිය අභිරහස් ලෙස මිය ගියාද?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  පසුගිය දා මාධ්‍ය හරහා වාර්තා වූ , ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවක සහ කෝටිපති ව්‍යාපාරිකාවක වන සුධර්මා නෙත්තිකුමාර මහත්මියගේ නිවෙසේ  සොරකමක් සිදු වී ඇති බවත් , එයට එම නිවසේ සේවය කරමින් සිටි මෙහෙකාරිය සැක බවත් කෝටිපති ව්‍යාපාරිකාව පොළිසියට පැමිණිල්ලක් ගොනුකර තිබිණ.

ඒ අනුව සොරකම සම්බන්ධයෙන් සැකපිට වැලිකඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන සිටියදී අබිරහස් ලෙස මියගිය මෙහෙකාරියට පොලිසිය තුළදී පහර දීමක් සිදුව ඇති බව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මඟින් කරනු ලබන විමර්ශනවලින් හෙළි වෙමින් තිබේ.

එසේම මෙම මෙහෙකාරියව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටියද ඇයව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කිසිදු සටහනක් නොතබා නීති විරෝධී ලෙස රඳවාගෙන සිට ඇති බවද විමර්ශනවලින් අනාවරණය වී ඇති බව පොලිස් තොරතුරු වල සඳහන් වේ.

පොලිස්පතිවරයාගේ නියමයෙන මේ වනවිට සුධර්මා නෙත්ති කුමාර මහත්මියගේ නිවෙසේ සිදු වූ සොරකමකට අත්අඩංගුවට ගත් මෙහෙකාරිය පොලිස් අත්අඩංගුවේදී අබිරහස් ලෙස මිය යෑම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මඟින් පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබ ඇත. ඒ ඇගේ මරණය සම්බන්ධයෙන් සැකයක් පවතින බවට පොලිස්පතිවරයාට විවිධ පාර්ශ්ව සහ බුද්ධි අංශවලින් ලද තොරතුරු සැලකිල්ලට ගෙන බව සඳහන් .

සුධර්මා නෙත්ති කුමාර මහත්මියගේ නිවෙසේ සිදු වූ සොරකමට සැක යැයි කියා නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටියදී පොලිස් භාරයේදී මිය යන්නේ බදුල්ල නාවල වත්ත දෙමෝදර පදිංචිකාරියක වන ආර්. රාජ් කුමාරි නමැති 42 හැවිරිදි කාන්තාවකි. ඇය තිදරු මවකි. සුධර්මා නෙත්ති කුමාර මහත්මිය විසින් පසුගිය 11 වැනිදා කළ පැමිණිල්ලකට අනුව මෙහෙකාරියව පොලිසිය එදිනම නීති විරෝධීව අත්අඩංගුවට ගෙන තිබිණි. ඒ ඇය බොරැල්ල කොටා පාරේ පිහිටි නිවෙසක සේවය කරමින් සිටියදීය.

වැලිකඩ පොලිසියේ නිලධාරීන් ඇයව නීති විරෝධීව අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයේ රඳවාගෙන පහර දෙමින් ප්‍රශ්න කර ඇතැයි හෙළි වන්නේ සුදර්මා නෙත්ති කුමාර මහත්මියගේ නැති වුණු රන් මුදුවක් ගැන බවද පොලිස් තොරතුරු අනාවරණය කළේය.

තමා කිසිවක් සොරා නොගත් බව ඇය පවසන විට පොලිස් නිළධාරීන් ඇයට පහරදී ඇති බව ද පොලිස් තොරතුරු අනාවරණය කළේය. හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇතැයි සඳහන් කරමින් ඇයව පොලිසිය කොළඹ ජාතික රෝහලට ඇතුළු කර ඇත්තේ පහරකෑම් හමුවේ ඇය සිහිසුන් තත්ත්වයකට පත්වීමෙන් අනතුරුව බවද පොලිස් තොරතුරු සඳහන් කළේය.

වැලිකඩ පොලිසිය පැත්තෙන් මේ ගැන මුලදී කියැවුණේ ඇයව අත්අඩංගුවට ගෙන සිටියදී හුස්ම ගැනීමේ අපහසුතාවකට ලක්වීමෙන් පසු රෝහල්ගත කළ බවත් එහිදී ඇය මිය ගිය බවත්ය. ඇගේ මරණය සම්බන්ධයෙන් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් ලබාදී ඇත්තේද විවෘත තීන්දුවකි. ඇගේ සිරුරේ කොටස් රස පරීක්ෂකවරයාටද යොමු කර ඇති බව සඳහන්ය. ඇගේ මරණය සිදු වූයේ පොලිස් පහරදීමෙන්ද? එසේත් නැති නම් පොලිස් පහරදීමෙන් ඇති වූ බිය හෝ වෙනත් රෝගී තත්ත්වයක් උත්සන්න වී දැයි මෙතෙක් පැහැදිලිව අනාවරණය වී නැත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවේ බැංකු කොයි තරම් ලාබ ලබනවාද ?

ලංකාවේ බැංකු වල ලාබ පිළිබඳව විවිධ දුර්මත ප්‍රචලිතව තිබෙනු...

අද (29) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 29) දිනයේදී බස්නාහිර, සබරගමුව...

ජාතික ආරක්ෂාවට වැදගත් වන ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න වත්මන් රජය අපොහොසත් වෙලා – සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මිද්දෙනිය ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු ඝාතනය කිරීමත්...

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...