සුජීව රාජපක්ෂ ඇතුළු 8 දෙනෙකුගේ තනතුරු සඳහා අනුමැතිය

රාජ්‍ය ආයතන සභාපතිවරුන් 6 දෙනෙකු සහ අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙකු පත්කිරීම සඳහා උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව,

සුජීව රාජපක්ෂ මහතා මහජන බැංකුවේ සභාපතිවරයා ලෙසත්
එස්. ආර්. ඩී. රෝසා මහතා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපතිවරයා ලෙසත්
රත්නසිරි කළුපහන මහතා ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපතිවරයා ලෙසත්
ඒ. ගල්කැටිය මහතා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ සභාපතිවරයා ලෙසත්
ස්ටෙලා මාරපන මහත්මිය ප්‍රසිද්ධ රැගුම්පාලක මණ්ඩලයේ සභාපතිවරිය ලෙසත්
ජයන්ත විජේරත්න මහතා ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙසත්

පත්කිරීමට එම කාරක සභාව අනුමැතිය ලබාදී ඇත.

එසේම යමුනා පෙරේරා මහත්මිය කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙසත් ආර්.එම්.ඩබ්ලිව්. එස්. සමරදිවාකර මහතා ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙසත් පත්කිරීමට ද එහිදී අනුමැතිය හිමිව ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...