රාජපක්ෂවාදයේ අවසානය ….

Date:

රාජපක්ෂලාගේ ඇම්බැට්ටයෝ නැවතත් මහින්ද රාජපක්ෂ නැමති දේශපාලන මෘත දේහය කෙලින් කිරීමට දරන උත්සාහයක් පිළිඹඳව රාවයක් පසුගිය දිනවල අසන්නට ලැබුනා.

බලයෙන් මත්ව උමතුව සිටි රාජපක්ෂලාට උපරිම බලය නැතිවිට අඩුවක් දැනේ.

එසේම තවදුරටත් සුපුරුදු පරිදි කෙළ කෝටි ගනනින් මහජන දේපල හොරකමේ යෙදීමටත් කල හොරකම් වලින් ගැලවී සිටීමටත් ඔවුන්ට බලය අත්‍යාවශ්‍ය සාධකයක්ද වෙයි.

මෙතෙක් රට පාලනය කල දේශපාලකයින් ඔවුන්ගේ බලදේශපාලන සූදුව උදෙසා වගාදිගාකල ම්ලේච්ඡ ජාතිවාදය ලේ ගංගාවන් මැදින් උපරීමයට දැක්කුවේ රාජපක්ෂලාය. එසේම ඒ ලේ වැකි දේශපාලනයේ උපරිම පලයන් නින්දිත ලෙස නෙලාගත්තේ ද ඔවුන්මය.

නමුත් දිඨ්ට ධම්මවේදනීය කර්මයක් සේ ඔවුන් විසින් බිමේ වගාකල කෘර අවගුනයන් සහ අනීතික ප්‍රචන්ඩත්වයන් එක මොහොතක ඔවුන් කරාම චන්ඩ සුනාමියෙන් සේ පැමිණියේය.

පසුගිය මැයි නම වෙනිදා රාජපක්ෂලාගෙ ගමේ මිනිසුන් විසින්ම ඩී.ඒ රාජපක්ෂ ප්‍රතිමාව පෙරලා බිම දැමීම තුලින් සංකේතවත් උනේ ඓතිහාසික වශයෙන්ම රාජපක්ෂවරු මේ බිමේ වලලා දැමූ බවයි. පසුව පොලිස්, හමුදා ආරක්ෂාව මැද ඩී.ඒ. රාජපක්ෂ ප්‍රතිමාව නැවත කෙලින් කරාට ඒ කෙලින් කරේ පරණ ජනප්‍රිය රාජපක්ෂ රෙජීම් එක නොවේ.

ඒ කෙලින් කරේ මිනිසුන් කෙළගසා පාගා දැමූ කඩමළුවූ ප්‍රතික්ෂේපිත අබලන් රාජපක්ෂ ප්‍රතිරූපයයි …

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...

උතුරේ හර්තාලය අසාර්ථකද?

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ඉලංගෙයි...

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...