රාජපක්ෂවාදයේ අවසානය ….

Date:

රාජපක්ෂලාගේ ඇම්බැට්ටයෝ නැවතත් මහින්ද රාජපක්ෂ නැමති දේශපාලන මෘත දේහය කෙලින් කිරීමට දරන උත්සාහයක් පිළිඹඳව රාවයක් පසුගිය දිනවල අසන්නට ලැබුනා.

බලයෙන් මත්ව උමතුව සිටි රාජපක්ෂලාට උපරිම බලය නැතිවිට අඩුවක් දැනේ.

එසේම තවදුරටත් සුපුරුදු පරිදි කෙළ කෝටි ගනනින් මහජන දේපල හොරකමේ යෙදීමටත් කල හොරකම් වලින් ගැලවී සිටීමටත් ඔවුන්ට බලය අත්‍යාවශ්‍ය සාධකයක්ද වෙයි.

මෙතෙක් රට පාලනය කල දේශපාලකයින් ඔවුන්ගේ බලදේශපාලන සූදුව උදෙසා වගාදිගාකල ම්ලේච්ඡ ජාතිවාදය ලේ ගංගාවන් මැදින් උපරීමයට දැක්කුවේ රාජපක්ෂලාය. එසේම ඒ ලේ වැකි දේශපාලනයේ උපරිම පලයන් නින්දිත ලෙස නෙලාගත්තේ ද ඔවුන්මය.

නමුත් දිඨ්ට ධම්මවේදනීය කර්මයක් සේ ඔවුන් විසින් බිමේ වගාකල කෘර අවගුනයන් සහ අනීතික ප්‍රචන්ඩත්වයන් එක මොහොතක ඔවුන් කරාම චන්ඩ සුනාමියෙන් සේ පැමිණියේය.

පසුගිය මැයි නම වෙනිදා රාජපක්ෂලාගෙ ගමේ මිනිසුන් විසින්ම ඩී.ඒ රාජපක්ෂ ප්‍රතිමාව පෙරලා බිම දැමීම තුලින් සංකේතවත් උනේ ඓතිහාසික වශයෙන්ම රාජපක්ෂවරු මේ බිමේ වලලා දැමූ බවයි. පසුව පොලිස්, හමුදා ආරක්ෂාව මැද ඩී.ඒ. රාජපක්ෂ ප්‍රතිමාව නැවත කෙලින් කරාට ඒ කෙලින් කරේ පරණ ජනප්‍රිය රාජපක්ෂ රෙජීම් එක නොවේ.

ඒ කෙලින් කරේ මිනිසුන් කෙළගසා පාගා දැමූ කඩමළුවූ ප්‍රතික්ෂේපිත අබලන් රාජපක්ෂ ප්‍රතිරූපයයි …

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...