සියලුදෙනාම ආර්ථික පීඩනයේ බර දරා ගත යුතුයි – සියඹලාපිටිය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වත්මන් ජනාධිපතිවරයා මුදල් අමාත්‍ය ධුරයේ කටයුතු ආරම්භ කිරීමෙන් පසු සියලු මහජන නියෝජිතයින්ගේ වරප්‍රසාද සහ දීමනා රැසක් කප්පාදු කර ඇති බවත් , රජය මහජන නියෝජිතයින්ගේ වරප්‍රසාද ඉහළ දැමීමේ උත්සහයක නිරත වන බවට සිදුකරන ප්‍රකාශ අසත්‍ය බවත්  මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

“වර්තමාන මුදල් ඇමතිවරයාගේ කාලයේ දී තමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ සහ ජනතා නියෝජිතයින්ගේ වරප්‍රසාද දැඩි ලෙස කප්පාදු වුණේ. අපි බැලුවොත් ඇමතිවරුන්ට ලැබෙන්නේ, මන්ත්‍රී දීමනාව. කාර්ය මණ්ඩලය ඇමතිවරුන්ගේ තුනෙන් එකකින් අඩුකරලා. වාහන බලපත්‍ර ඇත්තේම නෑ. අලුත් වාහන ගන්නම බෑ. ඔවුන්ගේ සියලු දීමනා ඉහළ බදු අනුපාතයකට අපි යටත් කරලා බදු අය කරගන්නවා. ඒ වගේම කැබිනට් මණ්ඩලය මේ තරම් සීමිත ප්‍රමාණයක් අපේ රටේ තිබිලා තියෙන්නේ, ගොඩක් ඉස්සර. මේ දිනවල යෝජනා වෙලා ක්‍රියාත්මක වීගෙන යනවා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුනුත් තිබුණ විශාල ප්‍රමාණය අඩකට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු කරන්න. මේ යුගය තමා මන්ත්‍රීවරුන්ගේ ඇමතිවරුන්ගේ සියලුම ජනතා නියෝජිතයින්ගේ වරප්‍රසාද ඉහළම විදියට කප්පාදු වුණේ මේ මුදල් ඇමතිගේ විශේෂ වැඩපිළිවෙල එක්ක. මොකද සියලුදෙනාම ආර්ථික පීඩනයේ බර දරා ගත යුතුයි කියන සංකල්පය එක්ක.”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් කළ පැමිණිල්ලට ඇරැඹි විමර්ශනයේ සවිස්තරාත්මක පැතිකඩ!

කොළඹ (LNW): රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න...

සුදාගේ ප්‍රකාශය ගැන විමර්ශනයක් ඉල්ලා CIDයට පැමිණිල්ලක්

රනිල් වික්‍රමසිංහ මහතා අද (22) දිනයේදී අත්අඩංගුවට ගෙන දින...

උසාවියේ විදුලි බලය ඇනහිටීම නිසා රනිල්ගේ ඇප තීන්දුව තවදුරටත් ප්‍රමාද වෙයි ! (VIDEO)

අත් අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප...

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළ 2026 අයවැය පූර්ව සාකච්ඡාව ජනපතිගේ ප්‍රධානත්වයෙන්

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ...