හෙට (23) මධ්‍යම රාත්‍රී 12 සිට සා/ පෙළ  උපකාරක පන්ති තහනම්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම හෙට (23) මධ්‍යම රාත්‍රී 12 සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසන අතර ,  විභාගයට අදාළව උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම තහනම් වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තවද , විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්නපත්‍ර මුද්‍රණය, ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබා දෙන බවට වු බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීමද සම්පූර්ණයෙන්ම තහනම් වන බවත් , කිසියම් තැනැත්තෙකු හෝ ආයතනයක් මෙම නියෝග කඩ කරයි නම් හෝ උල්ලංඝනය කරයි නම් ඒ පිළිබඳව පැමිණිලි කළ හැකි බවයි.

2022 අපොස සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන මැයි 29 සිට ජුනි 08 වනදා දක්වා දිවයින පුරා විභාග මධ‍්‍යස්ථාන 3,568කදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ඔවුන්ගේ දිනයයි: “ජාත්‍යන්තර අලි ඇතුන්ගේ  දිනය”

රෂිකා හෙන්නායක අගෝස්තු 12, කොළඹ LNW: අද (12) දින "ජාත්‍යන්තර...

නව පොලිස්පති ගැන ඉඟියක්..?

රෂිකා හෙන්නායක අගෝස්තු 12, කොළඹ LNW: අද (12)දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී...

හර්ෂිතාගේ දෙවන ශතකයත් සමඟ පිතිකාරීනියන් අතර යළිත් මුල් තැන – ප්‍රබල යුද හමුදාවට පානදුරෙන් ප්‍රහාරයක්

නිශ්මං රණසිංහ අගෝස්තු 12, කොළඹ LNW: ක්‍රියාත්මක වෙමින් පවතින ශ්‍රී ලංකා...

පාපන්දුවෙන් ලොවක් හඳුනන රොනාල්ඩෝ ගෙන් ජෝර්ජිනාට දියමන්ති මුදුවක්!

සටහන – පුලී අගෝස්තු 12, කොළඹ (LNW): පාපන්දු ලෝකයේ සුපිරි තරුව...