අධිකරණ සංඝනායක දුර ප්‍රදානෝත්සවයට සහභාගි වූ විපක්ෂ නායකවරයා

Date:

කෑගලු දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධූරයෙන් පිදුම්ලත් සද්ධර්ම කීර්ති පානගමුව ධම්මරතන නාහිමිපාණන් වහන්සේගේ අධිකරණ සංඝනායක දුර ප්‍රදානෝත්සවය අද මාවනැල්ල හෙම්මාතගම දී පැවැත්විණි.

එම අවස්ථාවට එක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ පානගමුව ධම්මරතන නාහිමිපාණන් වහන්සේ ශ්‍රී සම්බුද්ධ ශාසනයට කීර්තිමත් මෙහෙවරක් ඉටුකරමින් සිටි නාහිමිපාණන් වහන්සේ නමක් බවය.

ජාතික සහ ආගමික වශයෙන් සුවිශේෂී කටයුතු වල දී පවා උන්වහන්සේ නොපැකිළව ඒවාට ඉදිරිපත් වන බවත් සෑම විටම සාධාරණ පැත්තනියෝජනය කළ බවත් පැවසූ විපක්ෂ නායකතුමා තමන් වහන්සේ වෙත පැමිණෙන අභියෝග අපහාස උපහාස සියල්ල උපේක්ෂාවෙන් යුතුව භාරගත් බව ද පැවසීය.

අටලෝ දහමින් කම්පා නොවී නොසැලී සිටීම සැබෑ ධර්මය බව පැවසූ විපක්ෂ නායකතුමා ගරුතර නාහිමිපාණන් වහන්සේගේ චරිතය පුරාම ඒ සුවිශේෂී ලක්ෂණය දක්නට ලැබුණු බවද පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...