විශ්‍රාම වැටුප් පිළිබඳ අවධානය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මෙරට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්නා සේවකයන් වෙනුවෙන් හිමි විශ්‍රාම වැටුප් අප්‍රමාදව ගෙවීමට සහ ඒ සඳහා ඇති වැඩපිළිවෙල පිළිබඳ ජනතාව නිසි පරිදි දැනුවත් කිරීමට අවධානය යොමුවී තිබෙන අතර  විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට , විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් , ඒ පිළිබඳ උපදෙස් ලබාදී ඇත.

ඒ එම කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව රැස්වූ අවස්ථාවේදීය.

විශ්‍රාම වැටුප ලැබීමට දීර්ඝ කාලයක් ගතවීම නිසා ජනතාව අපහසුතාවයට පත්වන බව සඳහන් කළ සභාපතිවරයා මෙය දීර්ඝ කාලයක් තිස්සේ පවතින ගැටළුවක් බවත් ඒ පිළිබඳ පැමිණිලි නිතර ලැබෙන බවත් පැවසූ අතර , මෙම කරුණු සාකච්ඡා කිරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් , විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත කැඳවා  තිබුණි.

මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ නිවැරදිව සම්පූර්ණ කරන ලද විශ්‍රාම වැටුප් අයදුම්පත්‍රයක් ලැබී මසක කාලයක් ඇතුළත විශ්‍රාම වැටුප ගෙවීමේ හැකියාව පවතින බවත් , බොහෝ ගැටළු මතු වන්නේ අයදුම් පත්‍රය නිසි පරිදි සම්පූර්ණ නොවීම හේතුවෙන් බවද ඔවුන් පෙන්වා දී ඇත .

සිය විශ්‍රාම වැටුප් පිළිබඳ තොරතුරු දැනගැනීමට නිසි ක්‍රමවේදයක් නොමැතිවීම හේතුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පිළිබඳ ජනතාව තුළ බලවත් කළකිරිමක් පවතින බව  සාමාජික මන්ත්‍රීවරයින් සඳහන් කළේය .

ඒ නිසා මෙම ක්‍රමවේදය නවීන තාක්ෂණයද උපයෝගී කරගෙන ජනතාවට පහසුවෙන් සේවා සැලසෙන අයුරින් සැකසිය යුතු බවද මන්ත්‍රීවරුන් පැවසූ අතර , සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම විශ්‍රාම වැටුප් සම්බන්ධව කටයුතු කිරීම සඳහා උපාධිධාරී නිලධාරියෙක් පත් කිරීමට යෝජනා කරන ලෙසද මන්ත්‍රීවරුන් පෙන්වාදී තිබේ.

තවද , සාමාජික මන්ත්‍රීවරයින් විසින් වැඩිදුරටත් යෝජනා කර ඇත්තේ, ඒ ඒ දිස්ත්‍රික්කවලට අදාළ විශ්‍රාමිකයන්ගේ සංගම් කමිටුව වෙත කැඳවා ඔවුන්ගේ ගැටළු සාකච්ඡා කිරීම සුදුසු බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PSTA සහ POCA පනත් ගේන ඕනෑම මොහොතක අපි පාර්ලිමේන්තුව වටළනවා – වසන්ත මුදලිගේ

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන "ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ...

අද (30) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී බස්නාහිර සහ...

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...

කොළඹ කොටස් වෙළඳපොලේ ASPI යළිත් ඒකක 20,000 ඉක්මවා ඉදිරියට

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය දිනවල යම් පසුබෑමක් පෙන්නුම් කරමින්...