කොරියානු සිහිනය බොඳවෙයිද?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත් යාමට සිටි ශ්‍රමිකයින් 48 දෙනෙකුට පැය 10ක ගුවන් ගමන් ප්‍රමාදයක් හේතුවෙන්  විදේශගත වීමේ අවස්ථාව අහිමි වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

නියමිත දිනට පිටත් නොවීම හේතුවන් අදාළ ශ්‍රමිකයින්ගේ රැකියා අවදානමට ලක් වී ඇති බව, එහි මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සෙනරත් යාපා මහතා පැවසීය .

“ඊයේ දිනයේ දී දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යෑමට සිටි 48දෙනෙකුගේ ගමන ප්‍රමාද වෙනවා. ඊට හේතුව වෙන්නේ තාක්ෂණික හේතුවක් මත ඊයේ දින දකුණු කොරියාවට යෑමට තිබු යු.එල් 470 දරන ගුවන් යානයේ ගමන ප්‍රමාදවීම. ඒ අනුව මේ 48දෙනා ගැන අපට කළ දැනුම්දීම අනුව නැවත වතාවක් ගුවන්ගමන වෙන් කිරීමට සිදුවෙනවා. කෙසේ නමුත් මේ 48 දෙනාටම සුදානම් කර තිබු අයුරින් ගුවන් ගමන ප්‍රමාදය හේතුවෙන් දකුණු කොරියාවට යෑමට අවස්ථාව ලැබෙන්නේ නෑ. මේ අය අතර ගිය වර කොවිඩ් වැලඳී සුවය ලබා නැවත දින වෙනස් කරගත් 2කු සිටියා. යම් ආකාරයෙන් මෙලෙස ගුවන් ගමන් ප්‍රමාදය මත රැකියා අවිනිශ්චිතභාවයක් ඇති වෙන්න පුළුවන්, දැනට දකුණු කොරියානු මානවසම්පත් ආයතනය සමග සාකච්ඡා කරලා තියෙනවා නව දිනයන් ඔවුන්ගේ දැනුම්දීම අනුව ඉදිරියේදී රැකියා අපේක්ෂයන්ට දනුම්දීමට කටයුතු කරනවා.”

දකුණු කොරියාවේ ඉචිගොන් බලා ඊයේ රාත්‍රී 8.05ට ගුවන් ගත වීමට නියමිතව තිබූ  ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල් 470 දරණ ගුවන් යානය පැය 10ක කාලයක් ප්‍රමාද වීම මීට හේතු වී ඇති අතර , කාර්මික දෝෂයක් හේතුවෙන් ගුවන් යානය ප්‍රමාද වී ඇති අතර එය අද අලුයම 6.00 ගුවන් ගත වීමට නියමිතව තිබුණු බව වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ඔවුන්ගේ දිනයයි: “ජාත්‍යන්තර අලි ඇතුන්ගේ  දිනය”

රෂිකා හෙන්නායක අගෝස්තු 12, කොළඹ LNW: අද (12) දින "ජාත්‍යන්තර...

නව පොලිස්පති ගැන ඉඟියක්..?

රෂිකා හෙන්නායක අගෝස්තු 12, කොළඹ LNW: අද (12)දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී...

හර්ෂිතාගේ දෙවන ශතකයත් සමඟ පිතිකාරීනියන් අතර යළිත් මුල් තැන – ප්‍රබල යුද හමුදාවට පානදුරෙන් ප්‍රහාරයක්

නිශ්මං රණසිංහ අගෝස්තු 12, කොළඹ LNW: ක්‍රියාත්මක වෙමින් පවතින ශ්‍රී ලංකා...

පාපන්දුවෙන් ලොවක් හඳුනන රොනාල්ඩෝ ගෙන් ජෝර්ජිනාට දියමන්ති මුදුවක්!

සටහන – පුලී අගෝස්තු 12, කොළඹ (LNW): පාපන්දු ලෝකයේ සුපිරි තරුව...