*
Tuesday, April 16, 2024
spot_img

Latest Posts

නොදැන කිරි දීම

ඩයන් ගෝමස් බොක්සිං ක්‍රීඩාවේ කරන ලද විශාලම විප්ලවය බොක්සිං ක්‍රීඩකයාගේ අනාගතය සුරක්ෂිත කිරීමය.ලංකාවේ බොහෝ ක්‍රීඩාවන් මෙන්ම බොක්සිං ක්‍රීඩාවද ආර්ථිකමය වශයෙන් හැකිලෙන සහ අවස්ථාවන් අතින් පළල් වෙන රටක බොක්සිංවලට නව මානයක් සැකසුවේය.ඒ නිසාම බොක්සිං ක්‍රීඩාවේ නියැලී එයින් විශ්‍රාම ගන්නා හමුදාවල නිලධාරීන්ට ද බොක්සිං එක්ක රැඳෙමින් ආර්ථික වශයෙන් සහ පහසුකම් අතින් හොඳ ජීවිතයක් ගත කරන්නට අවස්ථාව හිමි විය.ඇත්තටම සිය විශ්‍රාම වැටුපෙන් හොඳ ජීවිතයක් ගත කරමින් බොක්සිංවලට ද සේවයක් කරන්නට හැකියාවක් තිබුණානම් ඔවුන්ට ඇඟළුම් කම්හල් අස්සේ රිගන්නේ නැතුව ඉන්න තිබිණ.
මේ සියල්ල සිද්ධ වෙන්නේ ජංගි මහන ජුකී කෙල්ලන් ලෙස ආණ්ඩු විරෝධි රැල්ලක් විසින් ඇඟළුම් කර්මාන්ත ශාලා ඇති කිරීම සම්බන්ධයෙන් මේ පොළව මත ඇති කරපු පහත් මානසික මට්ටම කණපිට හරවමින්ය. එය දේශපාලනික රැල්ලක්ය.අද වන විට ආර්ථක අස්ථාවරභාවය හමුවේ රටේ වැඩිම ආදායමක් බවට පත් වී තිබෙන ඇඟළුම් කම්හල් ශ්‍රමයට සමාජය තුළ මතයක් හැදුවේ ඒ ආකාරයටය.

මේ සම්බන්ධව ජන විඥානය කෙතරම් සංවේදී වුවා ද යන්න තේරුම් ගැනීමට හොඳම සාධකය හමු වූයේ බොක්සිං කීඩාව මාස් ඇගළුම් ව්‍යාපාරයේ දිස්නයෙන් බැබලෙන්නට ගත් විටය.පශල මට්ටමට දමා ගාමන්ට් කතා කරන අතර එවැනි පහළ උන් බොක්සිං ගසන්නන් වීම ගැන ද බොක්සිං සමාජය ඇතුළේ මුලින් තිබුණේ යම් අසතුටක්ය. හොඳම උදාහරණය අපට හමුවන්නේ මාධ්‍ය කුටියට එන විවේචන ප්‍රශංසා අතරේය
එවකට ගාමන්ට් විරෝධි වූ හමුදා බල ඇණිවල ප්‍රධානීහු එම කොල්ලන් සහ කෙල්ලන් සමඟ දක්වන විරෝධය අවසාන වන්නේ ඊ ළඟ වසරේදී හමුදාවලින් ඉවත්ව ගොස් ගාමන්ට්වලට රැකියාවලට බැදී හමුදාවලට එරෙහිව හැරෙමින්ය.මෙවැනි අවස්ථා අප කොතෙකුත් විඳ ඇත.කලකදී බොක්සිං දුවන පීල්ල බවට පත්වන්නේ මාස් ය.පුහුණුකරුවන්,ක්‍රීඩකයින් පමණක් නොව,බොක්සිංවලට සම්බන්ධ විශ්‍රාමික නිලධාරීන් ද මාස් හි තනතුරුවල පිහිටුවමින් ගාමන්ට් ආධිපත්‍යයට බොක්සිං යටත් කර ගනු ලැබීය.

මේ විප්ලවයේ හිමිකරු ඩයන් සරල විය.බොහෝ අය ඔහුට මචංලා ය.ඒ අතරින් එළියට පනින පුංචි විහිළුය.ඒවා බොහෝ සමීපතමයන් අතර කෙරෙන ඒවා මිස බොස්ලා සහ සේවකයන් අතර කෙරෙන ඒවා නොවේය.ඒ තරාතිරමෙන් බැස සාමාන්‍ය සේ හැසිරෙන්නට හේතුව නැවත ඔහුට වෙනම සාමාජ ගෞරවයක් උපයා ගන්නට අනවැසිකමය.කුඩා කාලයේ සිට ඔහු ඉහළ වරප්‍රසාදිත පංතියේ සිටිය නිසා එය ඔහුට අයිති එකකි.මිනිසුන් අතරින් දුරස් වී තමන්ගේ තත්ත්වය ආරක්ෂා වන විදිහේ වෙනම චරිතයක් මවා පෙන්නනවාට වඩා ඩයන්ගෙන් දිස් වූයේ විවෘත හැසිරීමක්ය.ඔහුට උපයා ගත් රැක ගත යුතු පංතිමය තත්ත්වයක් නොවීම බොහෝ විට ඊට හේතු වන්නට ඇත.
මේ ගැන අපූරු සටහනක් බොක්සිංවලින් පිට කාරණාවක් ගැන නන්දන වීරරත්න තබා තිබිණ.ඩයන්ට හෝ බොක්සිංවලට අදාළ නොවුණ ද ඒ සටහන සපුරා මෙතැනට ඇතුළත් කළ යුතු බව මට හැඟේ.එය නන්දන වීරරත්න නම් පර්යේෂණශීලී ලේඛකයා විසින් සමාජ මාධ්‍ය ජාලයට නිකුත් කළ එකකි.

(සුධර්මා නෙත්තිකුමාර, දයා ගමගේ හා නව ප්‍රභූ පැලන්තිය
මේ මොහොතේ කතා බහට ලක්වෙන මේ චරිත දෙක අපි තරමක් හොදින් දන්නව. දයා අම්පාර නගරයෙන් මතු වූ ව්‍යාපාරිකයෙක්. එයාගේ බිරිද වෛද්‍ය අනෝමා, කොමියුනිස්ට් පක්ෂයේ දේපොල පාලනය කරපු එච්. ජී.ඇස්. රත්නවීරගේ ලේලි [සහෝදරියකගේ දුව]. දයා අපට කියපු විදිහට පියාගේ මරණයෙන් පස්සේ ඔහු අම්පාර නගරයට ගාල්ලේ සිට බසයකින් ඇවිත් බහින කොට අතේ ශත 50 තිබුණේ. එතැන් සිට ඔහු ධනවතෙක්වීමේ ඉණිමඟ දිගේ නැග්ග. ඇඟලුම් කර්මාන්තයට හා ඉදිකිරීම් කර්මාන්තයටත් බැස්ස. ඒව කරන්න දේශපාලන හයිය ඕන. දයා දේශපාලනය ගියා. අවසාන වුණේ එජාපයේ ප්‍රධානම අරමුදල් සම්පාදකයා වීමෙන්. දයා එජාපයට සල්ලි දැම්මේ කසිනෝකාරයෙක් වගේ. 2010 ජනාධිපතිවරනයේදී ෆෝන්සේකා පරාදවෙන බව දැනදැනත් [ ජෙනරාල් සරත්] රාජකීය විද්‍යාලය ඉදිරියෙන් කාර්යාලයක් කුලියට ගන්න ලක්ෂ 120 දුන්න.
ඒව ආපසු පොලීවෙල ආවේ 2015 දී යහපාලනය ආවට පස්සේ. අපේ මතකයේ හැටියට 2015 දයා පරාද වුණාම අනෝමට ජාතික ලැයිස්තුවෙන් මංත්‍රීකමක් දූන්න. දැන් දයා ආණ්ඩුවේ බංකුවලට තියෙන බොල් ණය කපනව. දයා හෙලිකොප්ටරයක් ගත්ත අම්පාර කොළඹ ගමනට. අපට කියපු විදිහට ගුවන්‍ යානයක් ගත්ත. ඒක ලංකාවට නොගෙන්වා ඇමරිකාවෙ තිබ්බ බදුවලින් බේරෙන්න. ලංකාවේ නව ප්‍රභූ පංතිය කියන්නේ බදු නොගෙවා, ඩියුටි ෆ්‍රී ක්‍රමයට මුදල් සොයන, ධනය ගොඩගහන කණ්ඩායමක්. මේ වැඩේට දේශපාලන හයිය ඕන. දේශපාලනය කරන්න ඕන. එහෙම නැතුව ධනය හා බලය උපයන්න අමාරුයි.
සුධර්මා ද සොයිසා නෙත්තිකුමාර එන්නේ කොළඹ මෝදර මුඩුක්කුවකින්. දරු 9 දෙනෙකුගේ පවුලක සාමාජිකාවක්. එයාට තිබුණු එකම ධනය රූප සම්පත්තිය විතරයි. සලාකා හිමිකරුවෙකු වූ ගාමිණි නෙත්තිකුමාරත් නව ප්‍රභූ පංතියේ කෙනෙක්. ඔහු දෙවැනි විවාහයට සුධර්මා තෝර ගන්නේ අහම්බෙන් පාරක දී දැකල ගෙදර හොයා බ්ගෙන ගිහින් විවාහ යෝජනාවක් ඉදිරිපත් කරල. සුධර්ම කොළඹ නව ප්‍රභූ පංතියට ඇතුලත් වෙන්නේ ඒ විදිහටයි. එයාගේ යෙහෙළියෝ වෙන්නේ සශී රනසිංහ වීරවංශ හා ෂේරීන් සේනාරත්න කුමාරතුංග. මේ දෙදෙදෙනාත් ප්‍රභූ පංතියට එකතුවෙන් කොට පාරවල් වලින්. විමල් විරවංශ ඇමතියෙක් වීමෙන් සශී ප්‍රභූ වූණා. ෂෙරීන් සේනාරත්න කුමාරතුංග ගේ තාත්තා එම් සේනාරත්න වැල්ලවත්තේ රෙදි මොලේ හිටපු කම්කරුවෙක්. ජේ. ආර්. ජයවර්ධනට කළ උපකාරයක් නිසා ඔහුට රජයට යුධ ආයුධ සැපයීමේ කොන්ත්‍රාත්කරුවෙක් වීමේ වාසනාව උදා වුණා. ඊළඟට දේශපාලන නළුවෙක් සමඟ විවාහ වීමෙන් ප්‍රභූ භාවය තහවුරු කර ගත්ත.
ගෘහ සේවකයන්ට පහරදිම හා හිරිහැර කිරීම පැරණි නාගරික ප්‍රභූ පංතිය කළේ නෑ. ඔවුන් තරවටු කිරිම හා බැණ වැදිමෙන් සෑහීමකට පත් වුණා. මැද පංතිකයෝ තමයි මෙහෙකාරන්ට ගැහුවේ. ගිනි පෙණෙළිවලින් පිච්චුවේ. සුධර්මා, හෙහෙකරුවන් මරා දැම්මවීම තරම් දුරට යන්නේ මෝදර උරුමයේ කොටසක් හැටියට. සුධර්මා දේශපලන හයිය ගන්න යන්නේ වීරවංශ පවුල හරහා. ඒ විමල් වීරවංශට රාජපක්ෂ පවුල එක්ක තිබුණු ගනුදෙනුවෙන්. රාජපක්ෂ පාලනයේ මාධ්‍ය ඔස්තාද් කෙනෙකු වු ලක්ෂ්මන් හුලුගල්ල ආරක්ෂක අමාත්‍යාංශයේත් ප්‍රවෘත්ති පාලකයා වීමෙන් පොලීසිය පාලනය කිරීමේ බලය සුධර්මට ලැබෙනව. ඒ වනවිට නෙත්තිකුමාර නෙරපා සලාකා බලය සුධර්මට අරගෙන. පොලිසියේ බලය ඕන වෙන්නේ සලාකා ඇතුලේ තිබූ කර්මාන්ත වලට. සලාකා නම මාරුවෙන්නෙත් මේ හුටපට අස්සේ.
මේ නව ප්‍රභු පංතිය ශීලාචාර වෙන්න පරම්පරා දෙකක්වත් යන්න ඕන. මොකද මුල් පරම්පරාවට අතීතයෙන් ගැලවෙන්න අමාරු නිසා. ඒ ලමා වියේ පුරුදු අත් හරින්න බැරි නිසා. කොළඹ සිංහල ව්‍යාපාරික ප්‍රභූ පැලන්තියේ ආරම්භය තියෙන්නේ 19 සියවසේ මැද භාගයේ පටන්. සිංහල බෞද්ධ ව්‍යාපාරික ප්‍රභූ පැලැන්තියේ ආරම්භය තියෙන්නේ පසුගිය සියවසේ මැද මුල් භාගයේ පටන්. සිංහල බෞද්ධ රාජ්‍ය තැනිම ආරම්භ වුණාට පස්සේ ඔවුන්ට දේශපාලන වරප්‍රසාද ලැබුණේ. මුල් යුගයේ තොග වෙළදාම මුළුමනින්ම පාලනය කලේ ඉංදීය වෙළදුන්. රට පුරා සුළු වෙළදාම පාලනය කලේ ඉංදීය සම්භවයක් සහිත මුස්ලිම්වරු. අපි හිතන්නේ 1915 සිංහල – මුස්ලිම් කෝලාහලය කියන්නේ මේ සිංහල බෞද්ධ ව්‍යාපාරික පැලන්තිය තරගයට පිවිසීමේ ආරම්භය සනිටුහන් කරන වෙඩිල්ල.
ප්‍රභූ පැලන්තියට එකතු වුණාට ප්‍රභූ භාවය හෝ ප්‍රභූ හැසිරීම නොලැබෙන බව දයා හා සුදර්මාගේ කතා වලින් තහවුරු වෙනව. සමහරවිට ඔවුන්ගේ දරු දරුවන් ප්‍රභූවරුන් වගේ හැසිරෙන්න ඉඩ තියෙනව. එට්හෙක් මේ නව ප්‍රභූ පැලන්තියට තමන්ගේ නොපනත් කම් වහ ගන්නේ දේශපාලන බලය හා පොලිස් බලය වුවමනා වේවි.
නන්දන වීරරත්න
22/05/2023¬)

ඉහත සටහන වඩා වැදගත් වන්නේ අලුත් ප්‍රභූ ප්‍රවේශයන් ආරක්ෂා කර ගන්නට සරල වීමට වඩා දරුණු වීම එම ප්‍රවේශයන්ට අලුතින් පාත් වූ අයගේ සංස්කෘතිය යැයි තේරුම් ගැනීමටය.

ඩයන්ට සුදුම සුදු පිරුවටයක් අන්දවා ඔහු පාරිශුද්ධභාවයේ අසුන් ගන්වන්නට අපට අනවැසිය.මිනිසෙක් සේ අඩු ලුහුඩුකම් ඇතුවාට සැක නැත.පාලනයේදී ද ඒ තත්ත්වයම වාර්තා වන්නට ඉඩ ඇත.ඒවා යම් ආකාරයක ජාතික මට්ටමේ සිදුවීම්වලදී විවේචනය නොවී,වීරත්වයට කැඳවාගෙන ආ පිරිස් අද ඩයන් විරෝධීන් වීමනම් අවුල් ය.

ඒ පටුකම සහ පළල්කම අතර අවශ්‍යයතා හඳුනා ගනිද්දී ඉතා පටු සීමාවකට හිරව ඒවා පළල් අවශ්‍යයතා සේ තෝරා ගැනීමය.සමහර විට එය දවසක ක්‍රීඩාවටම බලපෑමක් විය හැකි බැවින් සහ අතීතයට හැරුණු විට ඩයන්ගේ පරිපාලනයට එරෙහි චෝදනා එල්ල කරන්නන්ටම හැරෙන තත්ත්වයක්ද තියෙන බැවින්ය.

ඩයන් බොක්සිං ලෝකයේ කරන ලද විශාලතම විප්ලවය එය රට තුළ ව්‍යාප්ත කිරීමය.ඒ නිසාම විවිධාකාරයේ දක්ෂයන් මතු වූ අතර බොක්සිං ජීවිතයට ඒ හැම කෙනෙක්ටම විනාශ කළ නොහැකි වෘත්තීය සුදුසුකමක් ද එක් කර ගන්නට හැකි වූයේ ඒ මඟ පෙන්විම නිසාය.ක්‍රීඩාව වෘත්තීමය වටිනාකමක් බවට පත්වීම නිරන්තරයෙන් ඩයන්ගේ නායකත්වය යටතේ සිදු වූ අතර ක්‍රීඩාවේ තව දුරටත් විශ්‍රාම නොගෙන සේවය කළ හැකි දක්ෂයන්ට වෘත්තිකයෙක් හැටියට ජීවත්වීමට අලුත් දොරටුවක් විවර විය.

ඩයන් කෝනර් මෑන් විය.එසේම ගෝඩ් ෆාදර් විය.අද ඩයන්ට චෝදනා එල්ල කරන අය ද ඒ නිර්මාණය කළ සමාජය පසුපස විය.ප්‍රශස්ති ගැයූවෝය. තමන්ට නොසැළකීම හෝ තමන්ට වඩා වෙන කෙනෙක්ට සැළකීම හෝ තමන් අකමැති කෙනෙක්ට සැළකීම වැනි කාරණා පදනම් කරගෙන ඩයන්ට ඔව්හූ එරෙහිව සිටිති.

නන්දන වීරරත්න ගේ සටහන මේ ලිපියට අදාළ කර අමුණා තැබුවේ පහළ මට්ටමේ ක්‍රියාකාරකම් පෙන්වන ඉහළ මට්ටමේ චරිතවලට රඟ දෙන බොහෝ අය පහළ සිට පැමිණ තමන් සිටින තැන රැක ගැනීම වෙනුවෙන් ඕනෑම අශිෂ්ඨ මැදිහත්වීමක් කළ හැකි අය බව පෙන්වීමටය.ඔවුන් කිසිඳු පදනමක් රහිතව තමන්ට නොරිසි හෝ තමන්ට ඒ වන විට අවශ්‍යය නැති බව හිතෙන අය කෙරෙහි ද්වේශ සහගත වීම ගැටළුවක් මිස මත විරෝධයක් දැක්වීම අපට ගැටළුවක් නොවන්නේය

ඩයන් බොක්සිංවලට එන්නේම හිස්ව තිබුණ භාණ්ඩාගාරයක් සහිතවය.ක්‍රීඩා අමාත්‍යංශයෙන් සහ ඒ ඒ මොහොතට හොයාගන්නා ආධාර යටතේ රැකෙමින් තිබුණ බොක්සිං නව මානයකට යොමු කිරීම සඳහා බොක්සිං පරිපාලනය සඳහා පැමිණෙන ලෙස ඩයන්ට ආරාධනා එන්නේ හිටපු ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දුගෙන් සහ හිටපු හමුදාපතිවරයෙක් වූ ජගත් ජයසූරියගෙන්ය.අදටත් බොක්සිං තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස ඩයන් ගෝමස්ගේ පරිපාලනයට සහය වන ජගත් ජයසූරිය ඩයන් ගෝමස්ගේ රූකඩයක් විය නොහැකිය.නමුත් අද තේරීම් කමිටුවට ද අභියෝග එල්ල වී ඇත.
හිස්ව තිබුණ භාණ්ඩාගාරය යන කතාව බොරුවක්නම් එය ඩයන් විසින් වසර ගණනක් තිස්සේ පැවසීමේදී අභියෝග නොකර මේ මොහොතේ මතක් වන්නේ කාලය විසින් රටට පැන වූ ආර්ථික අහේනිකම් මත බොක්සිං සඳහා දරන වියදම් ද සීමිත වෙමින් තිබෙන නිසා විය හැකිය.අවස්ථාවන් සියල්ලට හිමිවන්නේ ඩයන් ගෝමස් හරහානම් මේ චෝදනාලාභීන් යම් යම් තැන්වලට ජාත්‍යන්තර වශයෙන් ගොස් තිබෙන බව ද දැක ගන්නට හැකිය.එසේනම් ඔවුන් ඒ අවස්ථාවන් ඩයන් හරහා ලබාගෙන තිබිය යුතුය.දැන් එය විවේචනය කරන්නේ වෙනත් අයට අවස්ථාව ලැබෙන නිසා ද යන්න ද සිතිය යුතුය.
බොහෝ චෝදනාලාභීන් අතර යම් යම් අවස්ථාවන් ඩයන් විසින් පෞද්ගලිකව මැදිහත්ව කළමණාකරණය කළ පිරිස් ද වේ.ඒවා සඳහා මුදල් සොයා ගැනීමට සහ බොක්සිං සම්මේලනය පෝෂණය කරන්නට සිය වැටුප,ඉහළ සමාජ සබඳතා මත අනුග්‍රහ මෙන්ම ඔහු බොක්සිං සඳහා සිය වෘත්තීය දැණුම හරහා ලැබෙන ජාත්‍යන්තර දේශණාවලදී අය කරන මුදල් ද යෙදූ බව රටම දන්නා කාරණයක්ය.එවැනි වටපිටාවක ඩයන් ගෝමස්ට චොදනා එල්ලවන්නේ බොක්සිං සම්මේලනය පවත්වාගෙන යාම සඳහා සිය නිවස දී එයින් ද කුලියක් ලබා ගන්නා බවය.
එහි පැවත්වෙන මාධ්‍ය ආවරණ සඳහා සහභාගි වූ මාධයවේදීන් දන්නා කරුණක්නම් චොදනාලාභින් බොහොමයකට ද එම නිවස ආගන්තුක තැනක් නොවුණ බවය.ඒ වියදම් තේ එකේ සිටම ඉහළට ඩයන් දරණ බව මාධ්‍යකරුවන් සමඟ කියා ඇති පිරිස් අතර සිටි අය ද මේ චෝදනාලාභින් අතර සිටීම අප්‍රසන්න කරුණක්ය.අලුත් පිරිසක් සඳහා අත දීම කෙරෙහි අවධානය යොමුවීම ද මේ සඳහා හේතු වී තිබෙන්නට ඉඩ ඇත.ඩයන් ද කාලයකට පසුව සිය පාලනය තුළ වැඩුණ පිරිස් තෝරා යම් අත්දීමක් ශ්‍රී ලංකාවේ බොක්සිං පෙරට රැගෙන යන්නට ඉඩ දීම වෙනුවෙන් ලබා දෙන්නට යාමේ දී චෝදනාලාභින් නොසළකා හැරීමක් ද දැකිය හැකිය.
ඇත්තටම එම තෝරා ගැනීම්වල ප්‍රශ්න වේනම් සහ ඒවා සම්බන්ධයෙන් පත්වීමට සුදුස්සෝ වේනම් බොක්සිං පරිපාලනය ඇතුළේම බලය වර්ධනය කර ගැනීමට යොදාගෙන සටන් කළ හැකිය.ඒ ඩයන් ගෝමස් ගෙනා බොක්සිං ඊට ඉදිරියට ගෙන යාමේ සැළසුමක් සමඟ හෝ අඩුම තරමේ ඒ තත්ත්වය ආරක්ෂා කර ගැනීමේ සැළසුමක් සමඟය.නමුත් සිඳුවන්නේ ඩයන්ව ඉලක්ක කරමින් සහ ඔහුගේ ආශිර්වාදය හිමිවන බව පෙනෙන කොටස් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කරමින් බොක්සිං අපහසුවට පත් කිරීමේ කටයුත්තය.විශ්වසනීයත්ය බිඳ දැමීමය.

හුදෙක් පෞද්ගලික කාරණාවක් නිසා දේශපාලනික වශයෙන් යම් අත පෙවීමක් සිඳු වූ විට අත්විය හැකි නරකම ප්‍රතිපලය බොක්සිං ජාත්‍යන්තර වශයෙන් තහනම් වීමය.දැනට අමාත්‍යවරයා ඒ ආකාරයේ පිරිස් විසින් දුන් ලණු ගිල ක්‍රීඩාවන් දෙකකටම ජාත්‍යන්තර මට්ටමෙන් හුස්ම ගන්නට නොහැකි කරමට අසරණ කර තිබියදී මේ ප්‍රහාරය ද එවැනි අවස්ථාවකට අත වැනීමට ගන්නා උත්සාහයක්ය.
නන්දන වීරරත්නගේ සටහන නැවත බැලුව විට ඔබට මේ කාරණය වඩා සබුද්ධිකව තේරුම් ගත හැකිය.තමන්ගේ තත්ත්වය වෙනුවෙන් හෝ අවස්ථාව තහවුරු කර ගැනීම වෙනුවෙන් ඕනෑම සූදුවකට අලුත් ප්‍රභූවරු සූදානම්ය.ඔවුන්ට තමන්ට ඉහළික් ඇති පඩි පෙනෙනවා වැරදී ගිය විට සමස්තයම වැටෙන්නට හැකි පහළ ප්‍රපාතය නොපෙනෙන්නේය.

ක්‍රීඩා අමාත්‍යංශය හමුවේ ගොනු වී තිබෙන බොක්සිං විරෝධය හමුවේ අපට ඩයන් වෙනුවෙන් පෞද්ගලිකව පෙනී සිටින්නට අවශ්‍යයතාවයක් නැත.නමුත් මේ චෝදනා එල්ල කිරීම වටා තිබෙන අතාර්තික කාරණාවලින් රටේ බොක්සිංවලට සිය කීර්තිය කැප කර බොක්සිංවලට කීර්තියක් අත් කර දුන් පුද්ගලයෙක්ගේ චරිතයට අභූත චෝදනා එල්ල කිරීම සදාචාර සම්පන්න නැත.ප්‍රතිපත්තමය වශයෙන් ලංකාවේ බොක්සිං මීට වඩා උසස් තැනෙක තැබීමට වැඩ සැළසුමක් සහිත අයෙක් ක්‍රීඩකයින්ට මේ වන විට අහිමි වී තිබෙන වෘත්තීය ඉඩ, ත්‍රීවිධ හමුදාවන්ගෙන් පමණක් පෝෂණය වන තත්ත්වයට පැමිණ තිබීම ආදී කරුණු වෙනස් කිරීමට ගෙනෙන යෝජනා වැදගත්ය.

සමහර විට පෞද්ගලික චර්යාවන් මත බොක්සිං පමණක් නොව වෘත්තීය ද අභියෝගයට ලක් වූ අවස්ථා සහිත පුද්ගලයන් ගැන වරදට සමාව දිීම ගැන වැරදි වන්නේ මිනිසුන්ගෙන් බව සිතා ඩයන් බොක්සිං සමාජයේ මිනිස්සු වෙනුවෙන් මැදිහත් වූ අවස්ථා ගැන අත්දැකීම් ඇත.එසේම විවිධ අවස්ථාවන් සඳහා ජාත්‍යන්තරයට යොමු වීමට තිබුණ ආර්ථික බාධක නිමා කරන්නට පුද්ගලයින් වෙනුවෙන් කරපු මැදිහත්වීම් ද අප දැක ඇත.ඒ සමහර අය අද ඩයන්ව බොක්සිංවලින් කුලියෙන් සහ තේ කහට එකේ වියදමෙන් ජීවත්වන තත්ත්වයට ඇඳ දමා කතා කිරීම ගැන ඇත්තේ පිළිකුලක්ය.

එය හරියට නන්දන වීරරත්න කියන සම්ප්‍රදායේ තත්ත්වය ය.උඩටම කෙළ ගසන්නා තෝරන තරගයක් මෙන් පෙනෙන මේ විරෝධයේ සැබෑ තත්ත්වය ගැන අපට කිව හැක්කේ එකකි.කෙළ පහර ඉහළ සිට පහළට තමන්ගේම මුහුණ ඉලක්ක කර ගනිමින් පැමිණෙමින් ඇත.එසේම ප්‍රභූ ලීලාවේ රංගනය යටින් තවමත් ඉවත් නොකළ ගෝත්‍රික කොළ අතු මතුව පෙනෙන්නේය.ඇත්තටම උපතින් ප්‍රභූ නොවන බොහෝ අදේශපාලනික හැදැරීමක් නැති චරිත ඉහළට නඟින අය කල්පනාවෙන් සිටිය යුතුය.ඔවුන්ට අතර මැදදී ඉතුරු ටික තනියෙන් නඟින්නට අවශ්‍යයතාවයක් ඇති වුවහොත් තමන්ට ඉහළින් සිට අත දී නග්ගමින් සිටින එකාව එම හිනි පෙළෙන් පහතට ඇඳ දැමීම සිඳු කරනවා නියතය.අපි මේ නරඹමින් සිටින්නේ බොක්සිං සමාජයේ ඒ ඛේදවාචකයේ දර්ශනය.
වඩා හොඳ බොක්සිං සමාජයක් වෙනුවෙන් යන නාමකරණය ඇතුළේ මේ රූ ගැන්වීම සිඳුවෙමින් පවතින නාටකය අතිශයින් පෞද්ගලික අවශ්‍යයතාවයන් වෙනුවෙන් කරනු ලබන නින්දිත ක්‍රියාදාමයක්ය.එය හරියට සිහි කරන්නේ ඉස්සර මරදානේ අසැබි චිත්‍රපට පෙන්වන හැටිය.පෙන්වන චිත්‍රපටය හැටියට නම පෙනෙන්නේ ඉමහළ වර්ගයේ හොලිවුඩ් චිත්‍රපටයකය.නමුත් ඇත්තටම පෙන්වන්නේ කිසිඳු සිනමාමය ගුණයක් නොමැති මස්ගොඩවල්වල හැල හැප්පීම්ය.

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan