හද බිඳෙනසුළුයි, ඉතිං හදක් කුමටද…? ටීනා ටර්නර්ත් දැයෙන් සමුගනියි!

Date:

ඉසුරු පරාක්‍රම

ලෝකය (Outbound Today): Who needs a heart, when a heart can be broken..? ඒ ඇගේ අති ජනප්‍රිය What’s love got to do with it ගීතයේ මතකයේ වැඩිපුරම රැඳෙන වදන් පෙළයි.

ඇමරිකානු සංගීතයේ රොක් ඇන්ඩ් රෝල් දෙවඟනක් වන ටීනා ටර්නර් අද දින අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ටීනා 83 වන වියේ පසුවූවා ය.

දිගු කලක් රෝගාතුරව සිටි ටීනා ස්විට්සර්ලන්තයේ සූරිච් අසල Küsnacht හි පිහිටි ඇගේ නිවසේදී සාමකාමීව මිය ගිය බව ඇගේ නියෝජිතයා මාධ්‍ය වෙත පැවසීය.

ඇගේ ජීවිත කතාව ලොව සුවහසක් කාන්තාවන් මෙන්ම අවවරප්‍රසාදිත ප්‍රජාවන්ට විශාල ආදර්ශයක් සැපයූ එකක් බව ටීනා ටර්නර් රසිකයන් නිතැතින්ම දන්නා කරුණකි. ගොවි පවුලකින් පැමිණ, දැඩි අපයෝජක සබඳතාවයකින් මිදී ලොව දැවැන්තම කලාකාරිනියන් අතරට එක් වූ ටීනා ඇමරිකානු පොප් සංගීතයේ රාජකීයත්වය උසුලන ෂෙයර් ගෙ සමකාලීනයෙකි.

ඡායාරූප: අන්තර්ජාලය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ වගාවන්ට වන්දි ගෙවීමට ජංගම සේවයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් හානි වූ...

අධ්වේගී මාර්ග පද්ධතියේ ගමන් ගන්නා අයට දැනුම්දීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ LNW : නැවතත්, අධ්වේගී ...

තවත් ද්විත්ත්ව ඝාතනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ LNW: නොරොච්චෝලේ පොලිස් වසමේ නාවක්කාඩුව...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක් තද වැසි – අද (04) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 04) දිනයේදී උතුරු, උතුරු-මැද,...