ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සාර්ථකව සිදුවෙනවා  – ජනපති

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකාව ලබාගෙන ඇති බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සාර්ථකව සිදුකෙරෙමින් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන අතර, අදාළ සාකච්ඡා සැප්තැම්බර් සහ නොවැම්බර් අතර කාලසීමාවේදී නිම වෙතැයි බලාපොරොත්තු වන බවද පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව පවසා ඇත්තේ ජපාන අගමැති ෆුමියෝ කිශිදා සමග අදහස් හුවමාරුවක් සඳහා සූදානම් වෙමිනි.එම හමුව ටෝකියෝ නුවර පිහිටි ජපාන අගමැතිවරයාගේ කාර්යාලයේදී පැවැත්විණි.

එහිදී,

“ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා හොඳින් ඉදිරියට යනවා,”

ජනාධිපතිවරයා පැවසීය.

ඇතැම් විශ්ලේෂකයින් පෙන්වා දෙන ආකාරයට , ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකමක් පසුගිය මාර්තු මාසයේදී ලබාගත් අතර ඒ අනුව සැප්තැම්බර් මාසය වනවිට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදය සැකසිය යුතු බවත් , එසේ නොවුණහොත් ආර්ථිකය නැවතත් යථාතත්ත්වයට පත්වීම පමාවිය හැකි බවද ඔවුන් පෙන්වා දෙයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...