අප ගෙන ඇති පියවර සැලකූ විට නිවැරදි ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග වේදනාකාරීයි.” – මහබැංකු අධිපති

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය එක්වී සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය සහ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ ජාතික කථිකාවත අද (25) පෙරවරුවේ ආරම්භ වුයේ මහ බැංකු අධිපති ආචාර්ය නන්නදලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අදහස් දක්වමින් ,

“මහ බැංකුවේ ප්‍රධාන අරමුණක් වන්නේ උද්ධමනය ඉහළ යාම සහ ගෙවුම් ශේෂ හිඟය පාලනය කිරීම සඳහා තීරණාත්මක පියවර ගැනීමයි.”

“උද්ධමනය ඉහළයාම සහ විදේශ විනිමය හිඟය අප මුහුණදුන් ප්‍රධාන ගැටලු දෙකක්.”

“උද්ධමනය පාලනයකින් තොරව ඉහළ යාම වැළැක්වීම සඳහා තීරණාත්මක පියවර රැසක් ගැනීමට අපට සිදුවුණා.”

“70%ක් දක්වා උපරිමයට ගිය උද්ධමනය දැන් 30% මට්ටම දක්වා පැමිණ ඇති අතර මේ වසරේ සිව්වන කාර්තුව වන විට හෝ ඊට පෙර උද්ධමනය තනි අගයකට පැමිණෙන බව සහතික වශයෙන් කිව හැකියි.”

“අප ගෙන ඇති පියවර සැලකූ විට නිවැරදි ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග වේදනාකාරීයි.”

“විශේෂයෙන් පොලී අනුපාත ඉහළ නැංවීම, ව්‍යාපාර සඳහා දුෂ්කර වේදනාකාරී පියවරක්. එය දැනට කෙටි කාලීනව විසඳා තිබෙනවා.”

“එහෙත් එවැනි පියවර, උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ ආර්ථික අස්ථාවරත්වයේ දරුණු ප්‍රතිවිපාක වැළැක්වීමට අවශ්‍ය වනවා.”

“ව්‍යාපාර ඇතුළු ආර්ථිකයේ සියලු පාර්ශ්වකරුවන්ට මෙරට ආර්ථිකය යළි ප්‍රකෘතිමක් කරලීම සඳහා එය අත්‍යවශ්‍ය වනවා.”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නඩු දාන්නෙ කොහෙද? සුරේෂ් ජස්වර්ගෙන් අසයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ජස්වර් උමාර් පාපන්දු සම්මේලන...

ජර්මනිය සහ ලක්සම්බර්ග් විසින් යුරෝ මිලියන 5,000 ක ආපදා ආධාර රැගෙන දිවයිනට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) අලුයම...

අඳුරගන්න ම බැරි අඳුරක

අඳුරටමං කැමතිකවි කැලැත්තෙන හින්දයිඅඳුරගන්නම බැරි. ගන්න ඔයකවි රොඩුබොඩුඅහකටඇහිපිලි නඟන මැසිවිලිකරදරයි...

බාල ඖෂධ : ඉන්දියානු හොර ගිවිසුම් ගැන අපි කළ අනතුරු හැඟවීම් අද යතාර්ථයක් වෙලා – පුබුදු ජයගොඩ

සටහන - රුවන් නෙළුගොල්ල Maan Pharmaceuticals Ltd නම් ඉන්දියානු සමාගම...