ප්‍රේමා පින්නවලගෙන් හිස් වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් ධූරයට පත් වූ පාලිත ජයතිලක ද පෞද්ගලික හේතුවක් මත එම ධූරයෙන් ඉවත්වීමත් සමඟ එම තනතුර සඳහා දශක ගණනාවක් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ වාර්තා රැස් කිරීමේ කාර්යයේ නියුතු සමන් කුමාර ගුණවර්ධන පත් වී ඇත.පාලිත ජයතිලකගේ ඉවත්වීමෙන් ඇති වන පුරප්පාඩුව පියවා ගැනීම සඳහා හදිසියේ කැඳ වූ මලල ක්‍රීඩා සංගමයේ විධායක සභාවේදී සමන්ට මෙම තනතුර පිරිනැමීට විධායක සභාව එකඟ වී ඇත.
සීතාවක් රාජසිංහ විද්‍යාලයෙන් සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයෙන් සිප් සත හැදෑරූ සමන්,පාසල් අවධියේදී ජාතික මට්ටමේ ජයග්‍රහණ හිමි කර ගත් මලල ක්‍රීඩකයෙක් විය.1982 දී ඔහු පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ක්‍රීඩා නායකයාද වූ අතර පාසලෙන් ඉවත්වීමත් සමඟ ඔහු ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රීඩා නිලධාරි තනතුරකට පත් ව ආවේය.එහිදි ක්‍රීඩා පුහුණුකරු වගකීමට ද යම් දායකත්වයක් දක්වමින් සිටි සමන් පසුව කැළණිය විශ්ව විද්‍යාලය හා සම්බන්ධ වූ අතර අද වන විට ඔහු එහි ශාරිරික අධ්‍යාපන ප්‍රධානියා සේ කටයුතු කරන්නේය.
තේරීම් කමිටුවට නිරන්තරයෙන්ම සම්බන්ධ වන්නට සිඳුවන දත්ත සහිත වගකීම දරන්නා වන සමන් ගේ කාර්යය සුහුරු ප්‍රතිචාර ලැබෙන්නක් නොවුණත්,ඔහු සතු දත්ත සම්බන්ධ අවබෝධය නිරන්තරයෙන් කේෂ්ත්‍රයේ ගෞරවයට පාත්‍ර වූවකි.වසර 100 ක් සැපිරීම සම්බන්ධයෙන් පළ වූ කෘතිය ද සමන්ගේ සංස්කරණයෙන් යුක්ත එකකි.එහි දී ශ්‍රී ලංකාවේ සියක් වසක මලල ක්‍රීඩා ඉතිහාසය තුළ සාමාන්‍යයෙන් හමු නොවන ඡායාරූප සහ සිඳුවීම් රැසක් සංරක්ෂණය කරන්නට සමන් ක්‍රියා කර ඇත.
එවැනි දත්ත එකතු කිරීමේ සහජ කුසලතාවයක් ඇති අයෙක් වන සමන් මේ වන විට ශ්‍රී ලංකාවේ සිටින හින්දි සිනමාව,ගීත මෙන්ම ෆිල්ම් ෆෙයාර් සඟරාව ආදි බොලිවුඩ් සංස්කෘතියට අයත් කලාවන් සංරක්ෂණයෙහිලා කැපී පෙනෙන මෙහෙවරක් සිඳු කරන අයෙක්ය.සමහර ෆල්ම් ෆෙයාර් සඟරාවන් සහ එම ඉතිහාස දත්ත සමබන්ධයෙන් එම සඟරාවට ද දත්ත සපයා නිවැරදි කරන්නට තරම් එම රස මතක සමඟ සැරිසරන සමන් මලල ක්‍රීඩා නීතිය මෙන්ම පුහුණු සිද්ධාන්ත සම්බන්ධයෙන් ද අවබෝධයක් ඇති අයෙක්ය.
ඔහු කළමණාකරුවෙක් ලෙස කටයුතු කළ පුනේ හි පැවති යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශෙහාන් අඹෙිපිටියගේ දක්ෂතාවයන්ට හානිවන පරිදි මීටර් 200 අවසන් පූර්ව තරග පෙළ ගස්වා තිබුණ අවස්ථාවේදී තාක්ෂණික කරුණු පෙන්වා දෙමින් එය නිවැරදි කර ගන්නට මැදිහත් වූයේ එම කණ්ඩායම සමඟ කළමණාකරු ලෙස සහභාගි වී සිටි සමන් කුමාර ගුණවර්ධනය.
සමන් වසර ගණනක සිට වෙනස් වන මලල ක්‍රීඩා පරිපාලනයන් සමඟ දත්ත රැස් කිරීමේ මතක ගබඩාව දන් දෙමින් රැදී සිටි අතර ඔහු පාර්ශවකුරුවෙක් සේ බලය සහිත කණ්ඩායමේ නියෝජනයක් බවට පත් වෙමින් තනතුරක් ලබන පළමු අවස්ථාව මෙය වේ.මේ අනුව සමන්ට තව දුරටත් වාර්තාකරු තනතුර දැරීමේ ඉඩ අහිමි වී යා හැකි අතර එය බොහෝ විට මේ වන විට සබරගමුව විශ්ව විද්‍යාලයේ සේවය කරන හිටපු වීසි කිරිම් ඉසව් නියෝජනය කරන ලද ක්‍රීඩකයෙක් වූ සමීර ලක්රුවන් පෙරේරා ට හිමි වීමට ඉඩ ඇත.අපි නව තනතුරේ වැඩ ගැටළු වැඩිම සමයක භාරගත් සමන්ට එම ගැටළුවලට සාධාරණයක් ඇති වන ආකාරයට සංගමය මෙහෙයවමින් කර ගන්නට හැකියාව ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමු.!