ආරියනන්ද දොඹගහවත්ත ලංකාදීපයෙන් ඉවතට!

Date:

කොළඹ LNW:ඉරිදා ලංකාදීප පුවත් පතේ ප්‍රධාන කතෘ ලෙස කටයුතු කළ ආරියනන්ද දොඹගහවත්ත මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට විජය නිවුස් පේපර් සමාගමේ පරිපාලනය කටයුතු කර තිබෙන බව වාර්තා වෙයි.

කෙසේවෙතත් ඔහුගේ සේවා කොන්ත්‍රාත්තුව එළඹෙන නොවැම්බර් මාසය දක්වා පවතින හෙයින් දොඹගහවත්ත මහතා සිය කාර්යාලය ආයතන පරිපාලනයට භාර නොදෙමින් එහි බලෙන් රැඳී සිටින බවයි වාර්තා වන්නේ.

දොඹගහවත්ත මහතාගෙන් හිස්වන එම කතෘ ධූරයට එම සමාගමේම ”අද” පුවත්පතේ කතෘ ලෙස කටයුතු කළ කාංචන දසනායක මහතාව පත්කර තිබෙන බවද සඳහන්.

පරිපාලනයේ උපදෙස් නොතකා දොඹගහවත්ත මහතා ව්‍යාපරික කටයුතු සිදුකිරීම ඔහුව එම ධූරයෙන් ඉවත්කිරීමට හේතුව වී ඇති බවත් කියැවෙන අතර කාංචන දසනායක මහතා සම්බන්ධයෙන්ද ලංකාදීප ඇතුළු එම ආයතන කාර්යමණ්ඩලයේ එතරම් ප්‍රසාදයක් නැති බවද වාර්තා වෙයි.

ඔහු කතෘ ධූරය දැරූ පුවත් පත් තුනක් වස දැමීමට සිදුව තිබෙන අතර ඉරිදා ලංකාදීපයටද එම ඉරණම අත් වෙයිද යන්න ආයතනය තුළ කතාබහක් ඇති බවද සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිට්ලර්ගේ DNA අධ්‍යයනය කිරීම සාධාරණ ද? නැතිනම් එය අතහැර දැමිය යුතුව තිබුණා ද?

ඇඩොල්ෆ් හිට්ලර්ගේ රුධිරය පිළිබඳ පෙරළිකාර DNA පරීක්ෂණ මගින් එම...

අද සියලුම ප්‍රාදේශීය ලේකම්වරු කොළඹට කැඳවයි!

දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් අද (22)කොළඹ දී විශේෂ...

Nahdlatul Ulama ඉස්ලාමීය සංවිධානයෙන් එහි සභාපතිවරයාට බලපෑම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දුනීසියාවේ විශාලතම ඉස්ලාමීය...