තමා SINOPEC වෙත සම්බන්ධ කරමින් ප්‍රචාරය වන කතාවලට McLarens සමූහයෙන් පිළිතුරු!

Date:

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): ඉකුත් දින ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදා හැරීම වේගවත් කිරීම සඳහා ගිවිසුම්ගත වූ සිනොපෙක් (SINOPEC) සමාගමේ නියෝජිතයකු ලෙස තමා කටයුතු කරන බවට පළවූ පුවත්වලට මැක්ලැරන්ස් හෝල්ඩිංග්ස් ලිමිටඩ් (McLarens Holdings Limited) සමාගම ප්‍රතිචාර දක්වා තිබේ.

ඒ අනුව, සිනොපෙක් සමාගමේ අලෙවිකරණ මෙහෙයුම් සඳහා තම සමූහය නියෝජිත ආයතනයක් ලෙස කටයුතු කරන බවට පළවන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, මැක්ලැරන්ස් සමූහය, හෝ එහි අනුබද්ධ ආයතන සිනොපෙක් සමාගමේ නියෝජිත ආයතන ලෙස කටයුතු නොකරන බවත්, ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිත මෙහෙයුම් සඳහා කිසිඳු සහනයක් තම සමාගමට ලැබී නොමැති බවත් එම සමූහය අවධාරණය කරයි.

මේ අතර, ඉන්ටර්ඕෂන් ලුබ්රිකන්ට්ස් (පෞද්) සමාගම ද (Interocean Lubricants (Pvt) Ltd.) පළවන මාධ්‍ය වාර්තා වළට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

නිවේදනයක් හරහා ඉන්ටර්ඕෂන් ලුබ්රිකන්ට්ස් සමාගම අවධාරණය කරන්නේ, සිනොපෙක් බ්‍රෑන්ඩ් ලුබ්රිකන්ට්ස් (SINOPEC Brand Lubricants) ලිහිසිද්‍රව්‍ය 2012 වර්ෂයේ පටන් ශ්‍රී ලංකාවේ වාහන සහ කාර්මික ලිහිසි ද්‍රව්‍ය ව්‍යාපාරික ක්ෂේත්‍රවල කටයුතු කරන බවත්, ඉන්ටර්ඕෂන් ලුබ්රිකන්ට්ස් යනු චීනයේ සිනොපෙක් සංස්ථාව (SINOPEC Corporation China) විසින් ශ්‍රී ලංකාව තුළ මේ සඳහා පත්කරන ලද බලයලත් බෙදා හැරීමේ නියෝජිත සමාගම බවත් ය.

එමෙන්ම, දේශීය ඉන්ධන පිරවුම්හල්වලට අදාළව සහනයක් ලබා දීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඉන්ටර්ඕෂන් ලුබ්රිකන්ට්ස් සමාගම සැල කර සිටියේ, අදාළ සහනය චීනයේ සිනොපෙක් දැවිතෙල් සංස්ථාව (SINOPEC Fuel Oil Corporation China) වෙත ලබා දීම සිදුවූයේ පරිපූර්ණ “යෝජනා කැඳවීමේ” (RFP) ක්‍රියාපටිපාටියකින් අනතුරුව බවත්, ඒ අනුව, චීනයේ සිනොපෙක් දැවිතෙල් සංස්ථාව සෘජුවම මෙම ටෙන්ඩරය සඳහා ලංසු ඉදිරිපත් කළ බවත් ය.

ඒ අනුව, කිසිඳු දේශීය පාර්ශවයක් විසින් ලංසු තැබීමේ ක්‍රියාවලිය තුළ එහි නියෝජිතයකු ලෙස කටයුතු කර නොමැති අතර, ප්‍රදානය කිරීමට සමඟාමීව චීනයේ සිනොපෙක් දැවිතෙල් සංස්ථාව විසින් කිසිඳු දේශීය නියෝජිතයකු ඒ සඳහා පත් කර නොමැති බව ද ඉන්ටර්ඕෂන් ලුබ්රිකන්ට්ස් අවධාරණය කර සිටියි.

මීට ඉහත, ඉන්ධන බෙදාහැරීමේ මෙහෙයුම් සඳහා සිනොපෙක් සමාගම විසින් නියෝජිත ආයතන ප්‍රසම්පාදනය කළ බවට පළවූ වාර්තා වලට ප්‍රතිචාර දක්වමින් සිනොපෙක් සමාගම අවධාරණය කර සිටියේ එම වාර්තා සහමුලින්ම අසත්‍ය බව ය.

සබැඳි පුවත්:

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...