අලුත් ගිවිසුමක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ලෝක රේගු සංවිධානයේ ආසියා පැෆිපික් සමුළුවට සමඟාමීව ඔස්ට්‍රේලියානු දේශසීමා බළකාය සහ ශ්‍රී ලංකා රේගුව අතර රේගු කරුණු සම්බන්ධව අවබෝධතා ගිවිසුමකට එළෙඹ තිබේ.

රේගු කරුණු වලට අදාල සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම, ප්‍රවර්ධනය සහ වැඩිදියුණු කිරීම සහ වෙළෙඳ පහසුකම් සැපයීම,මෙම  අවබෝධතා ගිවිසුමේ අරමුණ වන බවයි පැවසෙන්නේ .

එමෙන්ම නියමිත රේගු බදු සහ අනිකුත් බදු එකතු කිරීම සහ තහනම් කරන ලද භාණ්ඩ ගෙන යාම නතර කිරීම ඇතුළු කරුණු රැසක් ද ඊට ඇතුළත් බවත් සඳහන් .

ශ්‍රී ලංකා රේගුව තවදුරටත් පැවසුවේ, තහනම් භාණ්ඩ එහාමෙහා රැගෙන යාම පිළිබඳ සහ පාර්ශවකරුවන්ගේ රේගු නීතිරීති සහ රෙගුලාසි උල්ලංඝනය කරන පුද්ගලයින් පිළිබඳ කාර්යක්ෂමව තොරතුරු හුවමාරු කර ගැනීමට මෙම අවබෝධතා ගිවිසුම හරහා හැකි වන බවත් ,  තාක්ෂණික භාණ්ඩ හුවමාරු කර ගැනීමට ද මෙම ගිවිසුම ඉවහල් වනු ඇති බවයි.

                    
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...