ඊළගට ගේන්න හදන්නේ ආගම බේරා ගැනීමේ මැතිවරණයක්.

Date:

ඊළගට ගේන්න හදන්නේ ආගම බේරා ගැනීමේ මැතිවරණයක්. සමහර විට මේ දවස්වල බෝල දාන අයයි, පන්දුවට පහර දෙන අයයි, ඒ දවස් වෙනකොට එකම ටීම් එකක ඉන්නත් බැරි නෑ.

ඩෙංගු වැඩිවෙමින් පවතිනවා. ජනාධිපති බලකායට වෙච්ච දෙයක් නෑ. ජාතික රෝහලේ කැතීටර් රසායනාගාරය මාස තුනක් වහලා වහලා. ළමා රෝහලේ වකුගඩු ක්‍රියාකාරීත්වය මනින යන්ත්‍රය මාස 6ක් කැඩිලා. මහනුවර පිළිකා ඒකකකයේ ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර දෙකම වැඩ නෑ. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අත්‍යවශ්‍ය පරීක්ෂණ වර්ග 70ක් නතර කරලා දාලා. රෝහල් 6ක් සීටී ස්කෑන් යන්ත්‍ර මාස ගණනාවක් වැඩ නෑ. බෙහෙත් වර්ග 200ක් හිඟයි. එත් අපි ඒවා අමතක කරලා නතාශා ගැන කථා කරමු.

නතශා කරේ ස්ටෑන්ඩ් අප් කොමඩියක්.
නියෝගයක් නැතුව එයාව අත් අඩංගුවට ගන්නවා. රත්තරං පොලු ගෙනාව මන්ත්‍රී මහත්තයා දඩ ගෙවලා පව් සේරම කමා කර ගන්නවා. නීතියත් හරි අමුතුයි.

නතාශාව හිරේ දැම්මට, එයා කිව්ව එක බොරු කියලා කියන්න කාටවත් බෑ. ඇයි මේවා සමාජයේ සංවාද කරන්න බැරි. සංවාද කියන ඒවා ප්‍රහසන විදිහටත් වෙන්න පුළුවන්. හැබැයි නතාශා සමාවත් ගන්නවා. එයා සමාව ගත්තේ මොකටද කියලා අපිට තේරෙන්නෙත් නෑ. මොක නැතත් ඊළගට ආගම බේරා ගැනීමේ මැතිවරණයක් ගේන්න හද බව නම් පැහැදිළියි.

වලක වැටිච්ච අපිට මොලේ පාදාගෙන චන්දේ දෙන්න ලැබෙන පළවෙනි චන්න්දේ අපිට ලැබෙන්න තියෙන්නේ. ඒ චන්දේ අපිට ලැබෙන අවසාන අවස්ථාව වේවි. ඒකෙදි මේ ගැට වලට අහු නොවී ඉඳීම අපි හැමෝගෙම වගකීමක්.

රවී කුමුදේශ්
සභාපති
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉස්සෙල්ලා බලන්න ඕනෙ ඡන්දෙට එන්න හීන දකින මනමාලයා තව මාස කීයක් එළියෙ ඉඳියිද කියලා – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණය තමන්ගේ වගකීම ඉතාම ඉහළින්ම ඉටුකරන...

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...