යුධ හමුදා යුධෝපකරණ කර්මාන්ත ශාලාව වැඩිදියුණු කිරීමේ ක්‍රමෝපායන් පිළිබඳව සොයා බැලෙයි

Date:

යුද හමුදා තාක්‍ෂණය සහ තාක්‍ෂණික ප්‍රවීණතාවයන් සමඟින් හමුදා අවශ්‍යතා සැලකිය යුතු ප්‍රමාණයක් දේශීයව යුද හමුදා යුධෝපකරණ කර්මාන්ත ශාලාව තුල නිෂ්පාදනය කරමින් රටට වටිනා විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට යුද හමුදාව විසින් දක්වන ඉහල කාර්යභාරය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා අගය කළේය.

යුද හමුදා යුධෝපකරණ කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීමටත්, නව පතොරම් වර්ග නිෂ්පාදනය කිරීමටත් සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ඊයේ (මැයි 30) යුද හමුදා යුධෝපකරණ කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදීය.

ඊයේ පෙරවරුවේ වේයන්ගොඩ පිහිටි යුද හමුදා යුධෝපකරණ කර්මාන්ත ශාලාව වෙත පැමිණි රාජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකා යුධෝපකරණ බළකායේ බලකාධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත වීරසිංහ විසින් පිළිගනු ලැබීය.

යුද හමුදා යුධෝපකරණ කර්මාන්ත ශාලාවෙහි සේනාවිධායක බ්‍රිගේඩියර් ආනන්ද ජයරත්න සහ කර්නල් සේනාවිධායකවරයා සමඟ රාජ්‍ය අමාත්‍යවරයා යුධෝපකරණ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන අංශයට ගොස් එහි මෙහෙයුම් සහ නිෂ්පාදන පිළිබඳව දැනුවත් වන ලදි.

යුධෝපකරණ සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජීඒ මුණසිංහ, මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් කේඑම්ඒඩබ්ලිව්කේ පෙරේරා ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...