*
Friday, October 4, 2024
spot_img

Latest Posts

අහිකුණ්ඨික ක්‍රිකට් ප්‍රහාරයේ විශිෂ්ඨත්වය

තමන්ට කියා නිසි ඉඩමක් කඩමක් නැති අහිකුණ්ඨික ජීවිතයක් ගෙවන මිනිසුන් මෙන් තමන්ට කියා ක්‍රිකට් ක්‍රීඩා කරන්නට තමන්ගේ යැයි රටක ඉඩ නැති, ලෝකය වටේ ඇවිද ඇවිද අනුන්ගේ අගුපිල්වල ක්‍රිකට් ගසන්නේ වුව ද,ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ මට්ටමෙන් නඩත්තු කරන ඇෆ්ගනිස්තානය සූරියවැව දී ශ්‍රී ලංකාව පරාජය කළා පමණක් නොව,ලෝකයට ද පාඩමක් කියා දුන්නේය.ඉන් පළමු වැන්න ඔවුන්ට තරගයක් ජයගත හැකි එකළොස් දෙනෙක් ස්ථීර කර සොයා ගන්නට ඇති හැකියාවය.දෙවැන්න තරගය පුරා මනසින් සහ කයින් තරගය සමඟ රැදී සීටීමේ ජීවගුණය ඔවුන් සතු බව පෙන්නීමය.
දේශපාලනික වශයෙන් ඇෆ්ගනිස්තානයට එරට ක්‍රීඩකයෝද අකැමැත්ත පළ කරති.නමුත් ඔවුන් සිය මව් රටේ නෑ හිත මිතුරන් ඉදිරියේ ජාත්‍යන්තර තරගයක දස්කම් දක්වන්න අවස්ථාව නැති වුව ද,කුමන හෝ භූමියක ක්‍රීඩා කරමින් උපයන දැනුම සහ හැකියාව අහිකුණ්ඨිකයා තම සතුන් බලා ගන්නා ආකාරයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ නඩත්තුවට යොදවති.


මීට වසර කිහිපයකට පෙර තේරීම් කමිටුව ගත් තීරණයට අනුව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමෙන් දිමුත් කරුණාරත්න මෙන්ම ඇන්ජලෝ මැතිව්ස් ද එළියෙන් තැබීය.ඒ මොහොතේ එයට විවේචන එල්ල විය.එම ඉවත් කිරීම ඒ මොහොතට යම් ආකාරයක ගැටළුවක් වුව,පසුව අලුත් තේරීම් සිය දක්ෂතා අවදි කර ගනිමින් පරාජය මෙන්ම ජය ද භුක්ති විදිමින පෙරට ආහ.එවැනි මොහොතක නැවත දිමුත් සහ ඇන්ජලෝ කණ්ඩායමට කැදවීමට තීරණය කිරීම කණ්ඩායමක් ලෙස ගොඩ නැඟෙමින් තිබූ හැඟීම එක්තරා ආකාරයකින් දිය කර හැරීමක්ය.


අපි අසා ඇති රස කතාවක කාසියක් අඳුරු තැනක වට්ටා ගන්න බීමත් මිනිසෙක් එම කාසිය එතැන අඳුරු බැවින් ඊට වරබොහෝ දුර විදුලි පහනක් දැල්වෙන පහන් කණුවක් යට සොයා ඇත.මෙම තේරීම් ඒ බීමතින් විකල් වූ මනසකින් කටයුතු කළා සේ ය.අනවශ්‍යය මොහොතක විවේචන කිසිවක් භාර නොගෙන ඉවත් කළ ජ්‍යෙෂ්ඨයෝ කාලයකට පසුව ඒ විවේචන සැළකිල්ලට ගෙන නැවත කණ්ඩායමට කැඳවීමට තීරණය කරන විට නිසි අවස්ථාව මඟ හැරී ඇත.දැන් ඔවුන් එන්නේ නුසුදුසු අවස්ථාවකය.ඊ ළඟ තරගයේදී දිමුත් සහ ඇන්ජලෝ දෙදෙනාම සමහර විට ශතක ලබාගෙන මේ අපවාදයෙන් තේරීම් කමිටුව බේරා ගන්නට ඉඩ ඇත.එහෙත් කණ්ඩායමත් හැටියට ඒ මුසුව රහ නැති බවක් කණ්ඩායමක් සේ හැසිරීමේදී දැක ගන්නට තිබීම සුබ නැත.යම් නොගැලපීමක් මතු කරන්නේය.


එසේම ලංකාවේ ක්‍රිකට් වංශකතාව තුළ පරමාර්දශ ලෙස හැඳින්වෙන නම් ගොන්නට දිමුත් සහ ඇන්ජලෝ දිනෙක ඇතුළත් විය හැකිය.එවැනි පසුබමක ඔවුන් එක්දින කණ්ඩායමට තෝරා ගැනිම තුළම තෝරාගැනීම සම්බන්ධයෙන් ඇති වන ආස්වාදය නිමාවීමට හැක්කේ පරමාදර්ශයක් වීමේ ඉඩකඩ ඇහිරීමෙන්ය.නමුත් කඩුලු හයකින් ශ්‍රී ලංකාව පරාජය වීමේ සම්පූර්ණ වගකීම කණ්ඩායමක් හැටියට පවරා ගැනීම මිස ඒ සියල්ල ඇන්ජලෝ සහ දිමුත් මත පැටවීම නොකළ යුතුය.එහෙත් මරුටි කාරයකට ෆොක්ස්වැගන් දොරවල් දෙකක් සවි කිරීමක පෙණුමක් ලැබීම අමුතු වුව පැහැපත් නැත.කිරීමට ඇත්තේ ගැලපෙන යෙදුම් සෙවීමය.ඒවා අලුත්වැඩියා කළ හැකි මං සෙවීමය.
ඉතාම අභියෝගකාරී සමාජ පසුබිමක ක්‍රිකට් පිත්ත බයිනෙත්තුවෙන් බේරා ගෙන ක්‍රීඩා කරන රටක ඇෆ්ගන් ක්‍රීඩකයන්ට ඇති නිදහස ක්‍රිකට් පමණමය.කොතැන හෝ පිපිරී යන බෝම්බයක ගොදුරක් විය හැකි රටක ඒ රටට ඉතුරුව ඇති එකම ජාත්‍යන්තර ඇගයීම පාදා දෙන ක්‍රිකට් ක්‍රීඩකයින්ට වැඩි කාලයක් එම පරිසරයෙන් පිටත වසන්නට හම්ප වෙන්නේ ක්‍රිකට් නිසාය.ඒ නිසා හරියට අපායෙන් පිටතට පැමිණෙන්න තිබෙන යතුර වැනි ආකාරයකින් ඔවුන් සිය ක්‍රිකට් පරිස්සම් කර ගන්නට වෙහෙසෙති.


අප දකින්නේ ඒ ජීවිතය රැඳුණ ක්‍රිකට් හුස්ම ගන්නා හැටිය.කඩුලු කඩා ගෙන යන පන්දු මෙන්ම,පිටියෙන් පිටත පතිත වන හයේ පහරවල ද ඇත්තේ ඇෆ්ගන් ක්‍රීඩකයන්ගේ ජීවිතයය.කාලකණ්නි ආගම්වාදී ගෝත්‍රික නායකත්වයක් විසින් විනාශ කර දමන පොළවක දැඩි සීමා මායිම් ඇතුළෙ හුස්ම ගන්න මිනිසුන්ගෙන් වෙන්ව නිදහස් ලෝකය දකින්නට හැකි ඇෆ්ගනිස්තානයේ සීමිත පිරිසක් වීම ගැන සිය නැ හිතවතුන් ගැන හිතන විට සමහර විට සතුටක් නොදැනෙනවාද විය හැකිය.එහෙත් මේ අවස්ථාව අපායක සිරවෙනවාට වඩා වැදගත් බැවින් ඔවුන් නිරන්තරයෙන් ලෝක සංචාරයේ යෙදෙමින් ක්‍රිකට් ක්‍රීඩා කරමින්ම විශිෂ්ඨයන් බවට පත්වන පාඩම ද අධිෂ්ඨානයෙන් උගනමින් සිටිති.මේ නිසා ඇෆ්ගනිස්තානයේ කඩුලු හයක ජය ශ්‍රී ලංකා කණ්ඩායමේ නොගැලපීම්,නොසැළකිල්ල ආදි කරුණු මතම සිදු වූවක් හැටියට සළකන්නට නොහැකිය.ඇෆ්ලන් ක්‍රිඩකයෝ අති දක්ෂ ක්‍රිඩා රටාවකින් පසුව එම ජය පැන් බීහ.ඒ විශිෂ්ඨත්වය අති විශිෂ්ඨය.

ලකුණු පූවරුවට පිවිසෙන්න.
https://www.espncricinfo.com/series/afghanistan-in-sri-lanka-2023-1376998/sri-lanka-vs-afghanistan-1st-odi-1377008/full-scoreca

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan