විල්පත්තු නඩුව : රිෂාඩ් බදූර්දීන්ට අධිකරණයෙන් නොතීසි !

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදූර්දීන් මහතාට අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ.

ඒ, යුද්ධයෙන් අවතැන් වූ ජනතාව විල්පත්තු රක්ෂිත ප්‍රදේශයේ නැවත පදිංචි කිරීමේ නඩුවට අදාළවයි.

මෙම නඩුවෙන් වැරදිකරු වූ රිෂාඩ් බදූර්දීන් මහතාට රුපියල් මිලියන 1067ක් රජයට ගෙවන මෙන් අධිකරණය නියෝග කර තිබිණි.

නැවත පෙත්සමක් ගොනු කරමින් පැමිණිලිකාර පරිසර යුක්ති කේන්ද්‍රය ඊයේ (06) අභියාචනාධිකරණයට දන්වා සිටියේ විත්තිකාර මන්ත්‍රීවරයා මෙතෙක් එම මුදල ගෙවා නොමැති බවයි.

ඒ අනුව මන්ත්‍රීවරයාට අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා විසින් නොතීසි නිකුත් කරන ලදී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...

අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...