චමීරට ගහන්න ගොස් ඇෆ්ගනිස්තානය වැඩ වරද්දා ගනියි

Date:

කලෙකට පසුව ආබාධයකින් පසුව නැවත ක්‍රීඩා පිටියට පිවිසි දුෂ්මන්ත චමීර ගේ විශිෂ්ඨ පන්දු යැවිම නිසා ශ්‍රී ලංකා ඇෆග්නිස්තාන එක්දින තරගාවලියේ ජයග්‍රහණය 2 – 1 ක් ලෙස ශ්‍රී ලංකාවට අත් විය.එපමණක් නොව චමීරට තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා මෙන්ම තෙවන තරගයේ වීරයා වන්නට අවස්ථාව හිමි විය.


ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තෙන් ගත් විට මෙහිදී සතුට දනවන කාරණය වන්නේ ලෝකයේම අවධානයට පාත්‍ර වෙමින් සිටි දුෂ්මන්ත ආබාධයකට ගොදුරු වී සිට නැවත පැමිණීම ඉතා විශිෂ්ඨ දස්කමකින් සැරසීමය.ඔහු තරගාවලියේ දෙවන තරගයට කැඳවා තිබූ අතර එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් පන්දු ඕවර් 8 ක් යවමින් ලකුණු 18 ට කඩුලු 2 ක් දවා ගනිමින් ඇෆ්ගනිස්තානයේ ප්‍රහාරාත්මක රුචියට හරස් කැපීය.


මේ නිසාම අවසන් තරගයේදී පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ ඇෆ්ගන් කණ්ඩායම ප්‍රහාර තිරිංගය අක්‍රීය කිරීමේ අදිටනින් වේගයෙන් පහර එල්ල කරන්නට උත්සාහ කළ ද,එහි ප්‍රතිපලයක් ලෙස සිය කඩුලු හතරක් චමීරගේ වේගය ඉදිරියේ දන් දෙන්නට සිදු විය.චමීරව අකර්මණ්‍යය කිරීමේ උත්සාහය සමඟම ලහිරු කුමාර ද නිිසි ඉලක්කයට පන්දු යවමින් සිටි නිසා ඔහු ද ලකුණු 29 ට කඩුලු දෙකක් දවා ගනිමින් ඇෆ්ගන් ඉණිම විනාශ කර දැමීය.
චමීරට වේගයෙන් පහර එල්ල කරන්නට ගත් උත්සාහය නිසා ඔහුගෙන් පන්දු ඕවර් 9 ට ලකුණු 63 ක් උදුරා ගන්නට ඇෆ්ගන් කණ්ඩායම සමත් වුවත්,එම ලකුණු ප්‍රමාණයට හරි යන්නට ඔවුන්ට සිය කඩුලු හතරක් චමීර වෙනුවෙන් වැය කරන්නට ද සිදු විය.මේ නිසා ඇෆ්ගන් ඉණිම ලකුණු 116 ට සීමා කිරීමට වනිදු හසරංගගේ සම්ප්‍රාප්තියත් සමඟ හැකිවන්නේ ඔහු ඉදිරියේ පන්දු ඕවර් 4.2 දී ඇෆ්ගන් පිතිකරුවන් තිදෙනෙක් ලකුණු 7 ට කඩුලු අහිමි කර ගැනීම නිසාය.


පිළිතුරු ඉණිමේදී පන්දු ඕවර් 50 ක් තුළ ලකුණු 116 ක් රැක ගැනීමේ දුෂ්කර කාර්යයට ඇෆ්ගනිස්තානය මුහුණ දී සිටිය අතර එය වඩාත් දුෂ්කර කාර්යයක් කර ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක පන්දු 32 දී අර්ධ ශතකයක් ලබා ගනිමින් ඉතා ඉක්මණින් ශ්‍රී ලංකාව තරගය නිමා කර හම්බන්තොටින් පිටත්වීමට කැමැත්තෙන් සිටින බව හැඟවීය.හතරේ පහර 8 ක් සහ හයේ පහර දෙකක් ලෙස ඔහු පන්දු 34 දී ලකුණු 51 ට දැවී යන විට ඉන් ලකුණු 44 ක් ම හයේ සහ හතරේ පහර හැටියට ලබා ගෙන සිටියේය.
දිමුත් කරුණාරත්න තේරීම් කමිටුව බේරා ගැනීමේ ඉණිමක නිරත වෙමින් තරගය නිමා කරන විට දෙවන වරටත් මේ තරගාවලියේ අර්ධ ශතකයක අයිතිකරුවෙක්ව නොදැවී සිටියේය.ඔහු පන්දු 45 දී ලකුණු 56 ක් නොදැවී ලබා ගනිද්දී ශ්‍රී ලංකා ඉණිමේ ලකුණු පූවරුව පන්දු ඕවර් 16 දී එක කඩුල්ලකට ලකුණු 120 ක් සේ සටහන්ව තිබිණ.
තරගාවලියේ සමස්ත දක්ෂතා සළකන විට පිතිකරුවෙකු සේ ඉදිරියෙන්ම සිටින්නේ ඇෆ්ගන් කණ්ඩායමේ ඉබ්‍රාහීම් ෂඩ්රාන් ය.ඔහුගේ පිත්තෙන් තරග තුන තුළ දී ලකුණු 174 ක් වාර්තා වී තිබිණ.පැතුම් නිශ්ශංක ලකුණු 132 ක් සහ දිමුත් කරුණාරත්න ලකුණු 112 ක් ද ලබා ගැනීමට සමත් වූහ.පන්දු යැවීමේ දී තරග දෙක බැඟින් ක්‍රීඩා කළ වනිදු හසරංග සහ දුෂ්මන්ත චමීර කඩුලු හය බැඟින් දවා ගන්නට සමත්කම් පෑහ.


හ්‍රී ලංකාව ජයගත් තෙවන තරගයේ ලකුණු පූවරුවට පහතින් පිවිසෙන්නට හැකියාව ඇත.
https://www.espncricinfo.com/series/afghanistan-in-sri-lanka-2023-1376998/sri-lanka-vs-afghanistan-3rd-odi-1377010/full-scorecard

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...