ජනතාව හුස්ම ඉල්ලද්දී ජනාධිපති කරන්නේ මල මිනී වෙච්ච දේශපාලකයින්ට පණ දෙන එක – SJB

Date:

කොළඹ LNW:රටේ ආර් ථිකය කළමනාකරණය කිරීමට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට රටේ ආර් ථිකය කෙසේවෙතත් තමන්ගේ දේශපාලනය යහමින් කළමනාකරණය කරමින් සිටින බව සමඟි ජන බලවේගයේ පාර් ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පැවසුවේය.

ඒ, අද (07) විපක්ෂ නායක කාර් යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

පාරට බහින්න නොහැකිව සිටි රාජපක්ෂ නඩයේ කණ්ඩායම්වලට නැවත තම තමන්ගේ ගම් බිම්වල ජනතාව අතරට ගොස් දේශපාලනය කිරීමට අවශ්‍ය වාතාවරණයක් සකස් කර දෙමින් හෙම්බත්ව සිටි පණ ඇද ඇද සිටි එක්සත් ජාතික පක්ෂයට නැවත හුලං ගසා ප්‍රාණ වායුවක් දී ජීවත් කරවන්න දරන බාල උත්සාහයක යෙදෙමින් දේශපාලන අරමුණ වෙනුවෙන් ඒවා කළමනාකරණය කර ගන්න කටයුතු කරමින් සිටින බව පෙනෙන්නට ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

”මේ රටේ ජනතාවට දේශපාලනයත් තිත්ත වුණා. දේශපාලඥයින් විසින් ඇති කරනු ලැබූ ආර් ථික අර්බුදය නිසා මේ රටේ ජනතාවට අවශ්‍ය වෙලා තියෙනවා තමන්ගේ නැති වෙලා ගිය ඒ ජන ජීවිතය ආහාර, සෞඛ්‍ය ,අධ්‍යාපනය හා වෙනත් අවශ්‍යතාවයන් අහිමි වෙලා ගිය ජන ජීවිතයේ අත්‍යවශ්‍ය දේවල් නැවත 50% කින් 75කින් වත් යථාවත් කරලා සුවපහසුව කෙසේ වෙතත් දරිද්‍රතාවය හා සුවපහසුව පීඩනය නැති යම්කිසි ආකාරයකට නාහේ උඩ තියාගෙන හරි කමක් නෑ හුස්ම ගන්න ආර් ථික වැඩසටහනක් තමයි ජනතාවට අවශ්‍ය වෙලා තියෙන්නේ.

එහෙම ජනතාවට ආර් ථිකය තුළ යම් ආකාරයකට නාසය උඩ තියාගෙන හුස්ම ටිකක් ගන්න ජනතාව ඉල්ලනකොට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා උත්සාහ කරනවා පණ ඇදිලා හුස්ම ගිය මල මිනී බවට පත් වෙච්ච දේශපාලනඥයින්ට අවශ්‍ය වෙන හුස්ම ටික දීලා ඒ හුස්ම තුළින් ජරාජීර් ණ වෙච්ච පරවෙච්ච දේශපාලනඥයින් ආයෙත් උඩට අරගෙන ජීවත් කරවන්න.” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෛද්‍ය ගල්ලන්ගොඩ සිහි කරමින් පැසිපන්දු තරගාවලියක්

නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW: වෛද්‍ය ජනක ගල්ලන්ගොඩ අනුස්මරණ කුසලානය...

ටිරෝන් ද සිල්වා කුසලානය 10 වන වරටත් කැවිලියර්ස් සතු වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW: “ටිරෝන් ද සිල්වා” අභියෝගතා කුසලානය...

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ 2026 පූර්ව අයවැය සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන්!

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට කර්මාන්ත අංශයේ දායකත්වය ඉහළ නංවා...