පසුගිය ජුනි 07 වනදා යාපනය, වඩමරච්චි ප්‍රදේශයේ මර්දන් කර්නි මහජන ක්‍රීඩාංගනයේ පැවති ජහමුවකදී පොලිස් නිලධාරීන් පිරිසක් ඊට බාධාකිරීම ඇතුළු සිදුවීමේදී තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී අයිතිවාසිකම් සහ වරප්‍රසාද සම්පූර්ණයෙන්ම කඩවී ඇති බව දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා ඊයේ (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ඒ අනුව, තම අයිතිවාසිකම් සහ වරප්‍රසාද ආරක්ෂා කිරීම සඳහා පියවර ගන්නා ලෙසයි ඒ මහතා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ.
එහිදී එම ප්‍රකාශයට පිළිතුරු දෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසුවේ එම සිද්ධිය සම්බන්ධයෙන් තමන් මුල් දිනයේදීම වාර්තාවක් කැඳවූ අතර සිද්ධියට අදාළ වීඩියෝ පට සියල්ලම ගෙන්වාගෙන නැරඹූ බවයි. එම සිදුවීමේදී ගජේන්ද්‍රකුමාර් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ගැලපෙන ආකාරයෙන් හැසිරී නොමැති බව පැවසූ අමාත්‍යවරයා ඒ හැසිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් සඳහන් කළේය.
ගජේන්ද්‍රකුමාර් මන්ත්‍රීවරයා එම පිළිතුරට බාධා කරමින් නැවතත් අදහස් දැක්වීමත් ඉන් අනතුරුව ඇතිවූ සංවාදයට එම්. මුසම්මිල්, එම්. ඒ. සුමන්දිරන් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් මැදිහත් සමග පාර්ලිමේන්තුවේ තරමක් උණුසුම් තත්වයක් ඇතිවිය.
RN
