ඉන්දියාව සහ නයිජීරියාව Twitter භාවිතය නවතා දමන බවට අනතුරු අඟවයි

Date:

තම රටවල් තුළ Twitter ගිණුම් සීමා කිරීමේ නියෝගවලට අනුකූල නොවන්නේ නම් ඉන්දියාව සහ නයිජීරියාව තම රටවල් තුළ එය වසා දමන බවට තර්ජනය කර ඇති බව Twitterහි හිටපු සම නිර්මාතෘ 2021 දී ට්විටර් ප්‍රධාන විධායක නිලධාරී පසුගියදාා ධුරයෙන් ඉවත් වූ ඉවත් වූ ජැක් ඩෝර්සි පවසා තිබේ.

ඩෝර්සි පෙරේදා (12) දිනයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පවසා තිබුණේ, 2020-2021 වසරවල ඉන්දියාවේ කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ගොවීන්ගේ විරෝධතා වසරක් පුරා පැවති අතර එය මෝදිගේ සහ ඔහුගේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය (BJP) විසින් මුහුණ දුන් විශාලතම ගැටලුව වූයෙන්, එහිදී රජයට විවේචනාත්මක වූ කරුණු ඉවත් කිරීමට සහ ගිණුම් සීමා කිරීමට රජය කළ ඉල්ලීම්වලට අවනත නොවන්නේ නම් සියරට තුළ Twitter භාවිතය තහනම් කරන බවට තර්ජන එල්ල වූ බව ඔහු පසවා තිබේ.

මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආණ්ඩුව අන්තර්ජාල වාරනයක නිරත වීම නැවත නැවතත් ප්‍රතික්ෂේප කර ඇති අතර ඩෝර්සිගේ මෙම චෝදනාව සම්පූර්ණයෙන්ම බොරුවක් බවට සඳහන් කර ප්‍රතික්ෂප කර ඇත.

මීට අමතරව ඩෝර්සි නයිජීරියාව සම්බන්ධයෙන්ද මෙවැනිම ප්‍රකාශයක් කර ඇති අතර 2015 මැයි සිට 2023 මැයි දක්වා නයිජීරියාවේ ජනාධිපතිව සිටි මුහම්මදු බුහාරිගේ රජයට විරුද්ධව තරුණයින්, සිවිල් සමාජය සහ අනෙකුත් විරුද්ධ මත දරන්නන් විසින් Twitter හරහා රජය විසින් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වලට අදාළ තොරතුරු බෙදා හරින ලදි.

2021 ජුනි මාසයේදී නයිජීරියාවේ තොරතුරු අමාත්‍ය ලායි මොහොමඩ් ප්‍රකාශ කර තිබුණේ රජයට විරුද්ධව සිදුවූ විරෝධතාවයන් හා රාජ්‍ය දේපළ විනාශ කිරීම සහ ජීවිත හානි සඳහා ඩෝර්සි වගකිව යුතු බවයි.

ඔවුන් 2021 වසරේදී Twitter අත්හිටුවන ලදි. අනතුරුව Twitter විසින් නයිජීරියානු නීති සහ එවැනි නීති සම්පාදනය කර ඇති ජාතික සංස්කෘතිය සහ ඉතිහාසය පිළිබඳ ගෞරවාන්විත පිළිගැනීමක් ඇතිව කටයුතු කිරීමට එකඟ වී ඇත, යන පදනමේ සිට 2022 වසරේදී නැවත ටුවිටර් තහනම ඉවත් කරන ලදි.

_ සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...