අර්ජුනගෙන් සුදත්ට කට් ෂොට් එකක්…?

Date:

ක්‍රීඩා අමාත්‍යංශය ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ වැඩ කිරීමට නම් කර සිටියේ අමාත්‍ය උපදේශක සුදත් චන්ද්‍රසේකර වුවත්,අද එම කාර්යය අසන්ත ද මෙල්ට පවරමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ලිපියක් නිකුත් කර ඇත.ආසන්න ඉතිහාසයේ අවස්ථා ගණනකදී අමාත්‍ය උපදේශකවරයා අර්ජුන රණතුංග ට එම තනතුරෙඑන් ඉවත් වෙන ලෙස ද,පසුව ඔහු එම තනතුරේ රැ දී සිටින්නට නුසුදුස බවට හේතු ද ගෙන හැර දක්වමින් අමාත්‍යරයාටද කරුණු දක්වනු අපි දුටුවෙමු.
එවැනි තත්ත්වයක අමාත්‍යවරයාට අවශ්‍යය පරිදි ඔහුට අමාත්‍යවරයා ලෙස වෙනස් කරන්නට බලයක් ඇති බව ඒත්තු ගන්වන්නට අර්ජුන සාධාරණ හේතු නැතුවද යම් යම් වෙනස්කම් කරමින් කටයුතු කර අමාත්‍යවරයාට සමීප වන බවක් දකින්නට ලැබිණ.ආසන්නම සිදුවීම කොරියාවේ පැවති තරගයේදී මලල කීඩා කණ්ඩායමට ටී ෂර්ට් පවා මසා දුන් මලල ක්‍රීඩා සංගමයේ උප සභාපතිවරයා සහ අධයාපන අමාත්‍යංශය මඟින් නම් කර එවූ කාන්තා නිලධාරිනිය ඉවත් කිරීමය.
එම කාරණය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ක්‍රීඩා අමාත්‍යවරයාට තදින් දෝෂාරෝපණය කර ඇතත් බොහෝ විට තමන්ට වෙනස්කම් කරන්න හේතුවක් ඇතුව හෝ නැතුව බලය ප්‍රදර්ශනය කිරීමට කැමත්තක් තිබෙන බව සිතෙනාකාරයේ බොහෝ දේ දකින්නට ලැබෙන නිසා අර්ජුනගේ එවැනි ක්‍රියාවන් සුදත්ට වඩා අමාත්‍යවරයාට අර්ජුනව සමීප කර ඇතැයි සිතිය හැකිය.ඒ අනුව සුදත් චන්ද්‍රසේකර ක්‍රීඩා අමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් මීට ටික දවසකට පෙර මාධ්‍යයට යොමු කර ලිපිය අප සතුව තිබියදීම අද ක්‍රීඩා අමාත්‍යවරයා ඔහුගේ නියෝජිතයා ලෙස අසන්ත ද මෙල් පත් කිරීමට පියවර ගත් බව ක්‍රීඩා අමාත්‍යවරයාගේ මාධය ඒකකය දැණුම් දි ඇත.
පහතින් දැක්වෙන්නේ ඒ සමඟ අසන්ත ද මෙල්ට නව පත්වීම සඳහා පත්වීම් ලිපිය අමාත්‍යවරයා විසින් භාර දුන් අවස්ථාවය.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධ්‍යාපනය එක්ක සෙල්ලම් කරන්න කාටවත් අයිතියක් නෑ. එතන පැහැදිලි වැරැද්දක් වෙලා තියෙනවා – ඇමති එරංග

සටහන - රුවන් නෙළුගොල්ල අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී 6 ශ්‍රේණියට අදාළ මොඩියුල...

IMF විශේෂ දූත පිරිසක් ලබන සතියේ දිවයිනට

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ දූත පිරිසක්...

හද වේදනා මෙසේ රැයේ කියා – රාජු බණ්ඩාර සමුගනී !

ප්‍රවීන ගායන ශිල්පියකු සහ ගිටාර් වාදන ශිල්පියකු වූ රාජු...

මහනුවර පදික වේදිකාවල වෙළඳාමට නැවත කිසිසේත් අවසර දෙන්නේ නෑ – නගරාධිපති

ලෝක උරුම සංචාරක නගරයක් මෙන්ම පූජනීය නගරයක් වන මහනුවර...