අදත් (15) වැසි සහ තද සුළං

අද (15) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...

ගෝලීය බලශක්ති අර්බුදය අවසන් නොවන බවට IMF ප්‍රධානියා අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ...

රොහිත බෝගොල්ලාගම රක්ෂිත බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...