අනුරාධපුර – ඕමන්තේ අතර දුම්රිය ධාවනය ජූලි මාසයේ සිට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  පසුගිය ජනවාරි මාසයේදී මාර්ග අලුත්වැඩියාව සඳහා අනුරාධපුර ඕමන්තේ අතර දුම්රිය මාර්ගය වසා දැමුණු අතර, යළිත් අනුරාධපුර – ඕමන්තේ අතර දුම්රිය ධාවනය ලබන මාසයේ ආරම්භ කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ .

ඒ අනුව කොළඹ, කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා සාමාන්‍ය කාලසටහන් අනුව යළිත් දුම්රිය ගමන් ආරම්භ කිරීමට නියමිත අතර මේ යටතේ කිලෝ මීටර් 62 කින් යුත් දුරක් ඉන්දියානු ණය ආධාර යටතේ අලුත්වැඩියා කර ඇත. ඒ සඳහා වැය වූ මුදල රුපියල් බිලියන 33 කි.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මාර්ගය ප්‍රතිසංස්කරණයත් සමග එම කොටසේ දුම්රිය ධාවනය පැයට කිලෝ මිටර් 100 ක වේගයෙන් ධාවනය කිරිමට හැකිවනු ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...