ලංකාවේ මීළඟ ජනාධිපති රොෂාන් රණසිංහ වෙන්න බැරිද ?

Date:

මේ දවස්වල ලංකාවේ “වෙන්න ජනාධිපතිලා” ගොඩායි. ඒ ලැයිස්තුවට අලුතින්ම එකතු වෙන්නේ ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ ලු.

රොෂාන් රණසිංහගේ හඳහන ළඟදී බලපු භික්ෂූන් වහන්සේ කෙනෙක් ඔහු අනිවාර්යයෙන්ම රටේ ජනාධිපති වෙනවා කියලා. මීට අවුරුදු කීපයකට කලින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රාජ යෝග ගැනත් ඔහොම කතා කියවුණා, අපි ඒවා වැඩිය ගණන් ගත්තෙත් නෑ, ඒ වුණත් ගෝඨාභය රාජපක්ෂ අවුරුදු දෙකහමාරකට හරි ජනාධිපති වුණානේ. ඉතින් රොෂාන් රණසිංහ වුණත් ජනාධිපති වෙන්න අවස්ථාව තියෙන්න පුළුවන් කියලයි අපට හිතෙන්නෙ.

රොෂාන් රණසිංහ ක්‍රීඩා ඇමතිකම හොඳටම කරලා නෙ තියෙන්නෙ. මේ ටික කාලෙට පාපන්දු වලටත් රගර් වලටත් ජාත්‍යන්තර තහනම් වැටුණා. ඒ නිසා රොෂාන් බැරිවෙලා හරි ජනාධිපති වුණොත් ලංකාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වයත් නැතිවෙලා තමයි වැඩේ ඉවර වෙන්නේ කියලායි දන්න උදවිය නම් කියන්නේ …

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් ඇප මත නිදහස්!

කොළඹ LNW: පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර...

රනිල්ට ඇප ගන්න නීතිඥ කණ්ඩායම දැඩි උත්සාහයක. නීතිපති දෙපාර්තමේන්තුවෙන් අඛණ්ඩ විරෝධය!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඇප ලබාගැනීමට...

ZOOM තාක්ෂණයෙන් රනිල් නඩුවට එක්වෙයි!

කොළඹ LNW: පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර...