අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සුවය ලබයි

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  86 වන වියෙහි පසු වන අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ උදරයේ ශල්‍යකර්මය සිදු කිරීමෙන් අනතුරුව අද (16) රෝහලෙන් පිටව ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

උන්වහන්සේ සිනාමුසුව රෝද පුටුවකින් රෝමයේ ගෙමෙල්ලි රෝහලෙන් පිටව ගියේ එළිමහනේ සිටි සුභ පතන්නන් පිරිසට ස්තුති කරමිනි.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 2021 වසරේ සිට රෝහලේ රැඳී සිටි තුන්වන අවස්ථාව මෙය වන අතර , රෝහල්ගතව සිටින කාලය තුළ උන්වහන්සේ ළමා ස්නායු ශල්‍ය අංශයේ ප්‍රතිකාර ලබන දරුවන් බැලීමට ගිය අතර ඔවුන්ගෙන් ඇතැම් පිරිස් පාප්වහන්සේට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ලිපි සහ චිත්‍ර එවා ඇති බවයි වතිකානුව පවසන්නේ .

තවද  විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ, අගෝස්තු මාසයේ පෘතුගාලයට සහ මොංගෝලියාවේ සංචාරයන් සමඟ උන්වහන්සේගේ න්‍යාය පත්‍රය ඉදිරි මාස කිහිපය තුළ කාර්යබහුල බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ පාසල් විරෝධතා උණුසුම් වෙයි – 250,000කට අධික පිරිසක් වීදි බසිති

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 07: ප්‍රංශයේ පාසල්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි වැසි – අද (07) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 07) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

සමාගම්වලට කැමති මිලකට තෙල් විකුණන්න පුළුවන් – තෙල් සංස්ථා සභාපති

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට ඉන්ධන අලෙවියේ නියුතු ලංකා IOC,...

අල්ලස් ගත් බන්ධනාගාර සහකාර අධිකාරීවරයෙක් බන්ධනාගාරය තුළදීම අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ත්‍රිකුණාමලය රිමාන්ඩ් බන්ධනාගාරයේ සහකාර අධිකාරිවරයා අල්ලස්...