*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සුවය ලබයි

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  86 වන වියෙහි පසු වන අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ උදරයේ ශල්‍යකර්මය සිදු කිරීමෙන් අනතුරුව අද (16) රෝහලෙන් පිටව ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

උන්වහන්සේ සිනාමුසුව රෝද පුටුවකින් රෝමයේ ගෙමෙල්ලි රෝහලෙන් පිටව ගියේ එළිමහනේ සිටි සුභ පතන්නන් පිරිසට ස්තුති කරමිනි.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 2021 වසරේ සිට රෝහලේ රැඳී සිටි තුන්වන අවස්ථාව මෙය වන අතර , රෝහල්ගතව සිටින කාලය තුළ උන්වහන්සේ ළමා ස්නායු ශල්‍ය අංශයේ ප්‍රතිකාර ලබන දරුවන් බැලීමට ගිය අතර ඔවුන්ගෙන් ඇතැම් පිරිස් පාප්වහන්සේට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ලිපි සහ චිත්‍ර එවා ඇති බවයි වතිකානුව පවසන්නේ .

තවද  විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ, අගෝස්තු මාසයේ පෘතුගාලයට සහ මොංගෝලියාවේ සංචාරයන් සමඟ උන්වහන්සේගේ න්‍යාය පත්‍රය ඉදිරි මාස කිහිපය තුළ කාර්යබහුල බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan