අයථා වත්කම් නඩුවට විමල් මෙවරත් නොඑයි. අධිකරණයෙන් නොතීසි

2010 – 2015 සමයේ අමාත්‍යවරය ලෙස කටයුතු කරමින් සිටියදී තම නීත්‍යානුකූල ආදායමින් උපයාගත නොහැකි රුපියල් මිලියන 75කට ආසන්න වත්කම් සහ මුදල් ඉපයීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර ඇති නඩුව ඊයේ (16) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබිණි.

විමල් වීරවංශ මහතා ඊයේ අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර තම සේවාදායකයාට වෛරස් උණ රෝගයක් වැළඳී ඇති බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා වෛද්‍ය වාර්තාවක් ද ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

මෙහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන මෙනවිය පෙන්වා දුන්නේ මෙම නඩුව 2017 වසරේ ගොනු කර තිබුණ ද එහි විභාගය මේ දක්වා ආරම්භ කිරීමට නොහැකි වී ඇති බවය.

එහෙයින් මෙම නඩුව කැඳවීම සඳහා කඩිනම් දිනයක් ලබා දෙන ලෙස ඇය මහාධිකරණයෙන් ඉල්ලා සිටියාය.

ඒ අනුව මෙම නඩුව ජුලි 17 වනදා නැවත කැඳවන ලෙස නියෝග කළ මහාධිකරණය එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විමල් වීරවංශ මහතාට නොතීසි නිකුත් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැලිගම හෝටල් වෙඩිතැබීමේ නඩුව : දේශබන්දු ඇතුළු සැකකරුවන් 08කට එරෙහිව අධි චෝදනා

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : මාතර මහාධිකරණයේදී පැවැත්වුණු...

2027 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට!

කොළඹ LNW:2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත මුදල් නියෝජ්‍ය...

හිටපු අගවිනිසුරු ශිරානිගේ සැමියා අල්ලස් කොමිසමේ අත්අඩංගුවට !

හිටපු අගවිනිසුරු හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වන...