Spodoptera” හෙවත් ගොඩවෙල්ලා දළඹු හානිය  පාලනය කරයි.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ , මෙවර යල කන්නයේ දී වී වගාවේ ඇතැම් ප්‍රදේශවල පැතිරි ගිය “Spodoptera” හෙවත් ගොඩවෙල්ලා දළඹු හානිය මේ වනවිට මුළුමනින්ම පාලනය කර ඇති බවයි.

මෙම කාරණය සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශයට ඊයේ (16) දැනුම් දීමට ද කටයුතු කළ බවයි අමාත්‍යංශය සඳහන් කරන්නේ. ඒ බතලගොඩ වී පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක මහතා විසිනි .

අමාත්‍යංශය නිවේදනය කර ඇත්තේ, තවදුරටත් යම් යම් ස්ථානවල සුළු වශයෙන් හෝ දළඹුවන් සිටිය හැකි වුවත් ඒ සඳහා බියට පත් නොවන ලෙසයි.

ආචාර්ය ජයන්ත සේනානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය නිලධාරින් දැනුම්වත් කිරීම මගින් අවශ්‍ය උපදෙස් ලබා ගත හැකි බවත්ය .

ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ , මෙම දළඹු හානිය මුළුමනින්ම පාලනය කළ හැක්කක් වන බැවින් කෘෂිකර්ම නිලධාරින් ලබා දෙන උපදෙස් පිළිපදින ලෙසයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැරදුණත් ලංකාව ඉස්සෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

විශාලම ජයග්‍රහණය මහනුවරින් – සටන්කාමීම පරාජය ගුවන් හමුදාවෙන්

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW: මැලිබන් කුසලානය වෙනුවෙන් පවත්වන...

” අසභ්‍යකරණය ” හා “වාචාලකරණය “

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ කටට...