ආරක්ෂක රාජ්‍ය ඇමති කතරගම පාද යාත්‍රාවේ!

Date:

ශ්‍රී ලංකාවේ පැරණි ජීවන සම්ප්‍රදායක් වන කතරගම පාද යාත්‍රාව දිවයිනේ උතුරු ප්‍රදේශයෙන් ආරම්භ වූ අතර, මෙම පාද යාත්‍රාව සදහා පස්වන වරටත් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පසුගිය ඉරිදා දින (ජූනි 11)  එක් විය.

ශ්‍රී ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ බැතිමතුන් කතරගම දෙවියන් උදෙසා සිදු කරනු ලබන ප්‍රධාන සම්ප්‍රදායක් වන මෙම පාරම්පරික පාද යාත්‍රා සම්ප්‍රදායට සහභාගී වූ බැතිමතුන් මාස දෙකක් පමණ කිලෝමීටර් සිය ගණනක් පසු කරමින් යාල ජාතික වනෝද්‍යානය හරහා ඊයේ දින (15) කතරගම පුදබිම වෙත ලඟා විය.

මෙම පාද යාත්‍රාව සඳහා ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් විකාස් සූඩ් ද රාජ්‍ය අමාත්‍යවරයා හා එක් විය.

තවද මෙම පාද යාත්‍රා සම්ප්‍රදාය ශ්‍රී ලංකාවේ බහු සංස්කෘතික ආචාර ධර්මවල අංගයක් වන අතර, පාද යාත්‍රාව ආරම්භ කර ඉදිරියට යන විට බැතිමතුන් දහස් සංඛ්‍යාත පිරිසක් මෙම පාද යාත්‍රාවට එක්වීම ‍මෙහි සුවිශේෂී ලක්ෂණයකි.

පාද යාත්‍රාව සඳහා සහභාගී වන බැතිමතුන් සඳහා යාල වනෝද්‍යානයේ ලිං තුන ප්‍රදේශයේදී රාජ්‍ය අමාත්‍යවරයාගේ අනුග්‍රාහකත්වයෙන් සිසිල් බීම දන්සලක්ද සංවිධානය කර තිබිණි.

මෙම පුජනිය වැඩසටහන සඳහා සියලු පහසුකම් සපයන ත්‍රිවිධ හමුදාව, පොලීසිය, වනජීවි නිලධාරීන් ඇතුළු පිරිස් උතුරේ සිට කතරගම දක්වා පාද වන්දනාවේ යෙදෙන බැතිමතුන්ට ඔවුන්ගේ ප්‍රජා සුභසාධන සහ ජීවිතාරක්‍ෂක සේවා පහසුකම් තවදුරටත් සිදුකරමින් පහසුකම් සැලසිමට කටයුතු කරන ලදි.

මෙම බැතිමතුන්ගේ වාර්ෂික වන්දනා චාරිකාව සාර්ථක කර ගැනිම සඳහා සිය දායකත්වය නිසි ලෙස ලබා දෙන ත්‍රිවිධ හමුදාව, පොලීසිය, වනජීවි නිලධාරීන් ඇතුළු සියළුම පිරිස් වෙත ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා සිය ස්තූතිය මෙහිදි පලකර සිටින ලදි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 දණ්ඩ මුක්තිය නසා,යුක්තිය දිනන වසර කරගමු – ප්‍රගීත් එක්නැළිගොඩට යුක්තිය පතා මෝදර කාලි කෝවිලේ අධිෂ්ඨාන පූජාවක්! (PHOTOS)

කොළඹ LNW: මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ බලහත්කාරයෙන් අතුරුදහන්කර වසර 16ක්...

අමෙරිකාවේ දරුණු ශීත කුණාටුව අභියස ගුවන් ගමන් අවලංගුවීම්  8,000 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 24 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

දශක තුනක නිහඬතාවය බිඳදමා ළමා අපයෝජන නඩු පිළිබඳ සැඟවුණු සත්‍යය එළියට!

දශක තුනක නිහඬතාවය බිඳදමා ළමා අපයෝජන නඩු පිළිබඳ සැඟවුණු සත්‍යය එළියට!

රොගීන් අතහැර එන්න. දේශපාලන පිටියේදී විසදගමු – සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති වර්ජකයන්ට කියයි.

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:''දේශපාලඥයන් වශයෙන් අපි කරන්නේ...