අනුරටත් තියෙන්නෙත් පිං පොකට් දේශපාලනයක්.හෙමිහිට සාක්කුව පුරවාගෙන පස්සේ හොරා කියනවා!(VIDEO)

Date:

මහින්ද රාජපක්ෂට සහ රනිල් වික්‍රමසිංහට සාපේක්ෂව අනුර දිසානායකද ඩීල් දේශපාලනයේ නියැලී සිටි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.

එදා චන්ද්‍රිකා කුමාරතුංගත් එක්ක දීග කාපු අය මැදක් යන විට පිං පොකට් එක ගහලා සාක්කුවට සල්ලි ටික දාගෙන ඒ ආණ්ඩුවට හොරා කියූ බවත් 2005 දීත් මහින්ද රාජපක්ෂ මහතාවත් බලයට ගෙනවිත් පිං පොකට් ගසා ඒ ආණ්ඩුවටත් හොරා කියා හොරු අල්ලන්න දිවූ බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එලෙස ඩීල් දැමූ අය නැවත වරක් ඩීල් එකක් දමාගෙන ඇති ආකාරය පෙනෙන්නට ඇති බව විජේසිරි මන්ත්‍රීවරයා කියාසිටියේය.

ඒ අනුව මේ තුන් කඳවුර ආණ්ඩුවේ බලය ඉස්සීම සඳහා වන කුමන්ත්‍රණයක් සිදුකරන බවයි ඔහු පැවසුවේ.

එම නිසා අද කෑ ගහන හැමදෙනාම එදා යහපාලන ආණ්ඩුවේ හරියට වැඩ කළා නම් අද මහින්ද රාජපක්ෂලා නැති බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළකළේ අද (05) බණ්ඩාරවෙල දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශීය dio ගොවියන්ට වෙච්ච දේ දේශීය alto ගොවියන්ටත් ළඟදීම වෙන ලකුණු ….?

Honda ලා දේශීය dio ගොයියන්ට කෙළවලාම දැම්මා වගේ, Browns...

රනිල්ගේ නිල රථයේ රක්ෂණ වාරිකය ගෙවලා නෑ ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රජයෙන් ලබාදී ඇති නිල...

රැවටෙන්න එපා. මුදල් අච්චු ගැසීම සහ මුදල් සැපයුම යනු වෙනස් කාරණා දෙකක් – මහබැංකුවෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල මුදල් අච්චු ගැසීම සහ මුදල් සැපයුම...