‘චීන ජනාධිපති ඒක්ධිපතියෙක්’- ජෝ බයිඩන්

Date:

ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම්ගේ චීන සංචාරයෙන් දිනකට පසු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබුණේ චීන ජනාධිපති ෂී ජින්පින් ඒකාධිපතියෙකුට සමාන බවයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබුණේ කැලිෆෝනියාවේ ඩිමොක්‍රටික් පක්ෂයේ අරමුදල් රැස්කිරීමේ උත්සවයකට සහභාගී වෙමින් සිටියදීය.

ඇමරිකන් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවේ පසුගිය පෙබරවාරියේ එක්සත් ජනපදයට ඉහළින් පියාසර කළ චීන බැලුනයට වෙඩි තැබූ විට ෂී අතිශය කලබලයට පත්වූ බවත් එය ඒකාධිපතියන්ට මහත් අපහසුතාවයක් බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබිණි. වොෂින්ටනය විසින් මෙම බැලුනය ඔත්තු බැලීම වෙනුවෙන් යෙදවූ බවට විශ්වාස කරන අතර චීනය විසින් මෙය දැඩි ලෙස ප්‍රතික්ෂප කර ඇත.

බයිඩන්ගේ ප්‍රකාශය පිළිබඳ චීනයේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක මාඕ නින්ග් විසින් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබුණේ මෙමඟින් චීනයේ දේශපාලන ගෞරවය දැඩි ලෙස උල්ලංඝනය කර ඇති බවත් බයිඩන්ගේ ප්‍රකාශය අතිශයින්ම විකාර සහ වගකීම් විරහිත එකක් බවත් මෙම ප්‍රකෝපකාරී චෝදනාව සම්බන්ධයෙන් බීජිං පැහැදිලිවම මේ ගැන ඉතා කෝපයට පත් වී ඇති බවත්ය.

සටහන- සශිකලා මධුෂාණී

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැළණි ගඟේ ජල මට්ටමත් ඉහළට. කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට මහ ගංවතුර අනතුරු හැඟවීම් !

සටහන - රුවන් නෙළුගොල්ල පවතින අධික වර්ෂ්පාතනය හේතුවෙන් කැළණි ගඟේ...

අත්‍යාවශ්ය සේවා හැර අනෙකුත් රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දිනයක්

සටහන - රුවන් නෙළුගොල්ල පවතින ආපදා තත්වය හේතුවෙන්, අත්‍යවශ්‍ය සේවා...

“දිට්වා” සුළිකුණාටුව ත්‍රිකුණාමලයට කිලෝමීටර් 50ක් දකුණෙන් – අද (28) අලුයම නිකුත් කෙරුණු රතු නිවේදනය මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල මඩකලපුවට කි.මී. 20ක් නිරිත දෙසින් හමාගිය...

ගම්පහටත් මහ ගංවතුර අනතුරු හැඟවීමේ නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අධික වර්ෂාපනතය සමග දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල,...