සෞඛ්‍ය, ජනමාධ්‍ය ඇමති ධුරවල වෙනසක් ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශ සංචාරය අවසන් කර ආපහු ආවාට පස්සේ කැබිනට් සංශෝධනයක් කරන්න නියමිතයි කියලා ආරංචි බව LNW අපි මීට කලින් පුවතකින් කිව්වා.

ඒ අනුව කැබිනට් ඇමතිවරුන් පස්දෙනෙකු හෝ හයදෙනෙකු පත්කෙරෙනු ඇති බව තමයි කියවෙන්නේ.

දැනට ලැබෙන ආරංචි අනුව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමති තනතුරුවලට අලුත් පත්කිරීම් සිදුකෙරෙනු ඇති බවක් ආරංචිමාර්ග සඳහන් කරනවා.

විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වනවිට ප්‍රශ්න ගණනාවක පැටළී සිටින නිසාත් ඖෂධ හිඟය, බාල ඖෂධ ගෙන්වීම වගේ කරුණු සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල වෙලා තියෙන නිසාත් බොහෝදුරට කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා ඉවත් කරලා අලුත් ඇමතිවරයෙක් පත්කරන්න ඉඩ තියෙනවා.

අලුත් කැබිනට් ඇමතිවරුන් අතර විපක්ෂයෙන් ආණ්ඩුවට එකතුවෙන එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා කියලාත් ආරංචියි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 30ජීවිතක්ෂයට; 80 දෙනෙකුට තුවාල

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : ස්පාඤ්ඤයේ...

ඊශ්‍රායල් මැතිවරණයේ නෙතන්යාහු සහ අයිසන්කොට්ගේ කණ්ඩායම් දෙකටම පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමිවන ලකුණු

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : 2026...

BMW නඩුවට ජොනී වරද පිළිගනී. දඬුවම් නියම කිරීම නොවැම්බර් 11

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද BMW වර්ගයේ අධිසුඛෝපහෝගී...

කුරුල්ලෙක් ගැටුණු ශ්‍රී ලන්කන් ගුවන් යානය ගොඩබස්වයි!

කොළඹ LNW:කුරුල්ලෙකු ගැටීම හේතුවෙන් ලන්ඩන් බලා ගිය ශ්‍රී ලන්කන්...