පොළිස් අණට අකීකරු වූ පුද්ගලයකුට වෙඩි

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):   පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ පුද්ගලයෙකුට ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ දී පොලිසිය වෙඩි තබා ඇත .

පොලිසිය පැවසුවේ වෙඩි වැදීමෙන් අදාළ පුද්ගලයා තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුලත් කර ඇති බවයි , අපරාධයක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් පිරිසක් කලුවලගොඩ ප්‍රදේශයට ගොස් ඇති අතර එම අවස්ථාවේ දී පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් නිලධාරීන්ට පහරදීමට උත්සාහ කර ඇත. එහිදී පොලිස් නිලධාරියෙකු විසින් සිය රාජකාරි ගිනි අවියෙන් අදාළ පුද්ගලයාගේ පාදයකට වෙඩි තබා ඇති බවත්, එම අවස්ථාවේ දී අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි සැකකරු, වෙඩි වැදුණු පුද්ගලයා සහ තවත් අයෙකු පලාගොස් ඇතැයි පොලිසිය පැවසීය .

වෙඩි වැදුණු පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 26 හැවිරිදි වියේ පසුවන අයෙකු බවත් ,සැකකරු ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි .තව දුරටත් අනිකුත් සැකකරුවන් සොයා පොළීසිය විමර්ශන ආරම්භ කර ඇත .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...